Pages

Subscribe:

Ads 468x60px

"2020 වෙන කම් ජනපති මමයි - පරීක්ෂකයන්ට ලංකාවට එන්න දෙන්නේ නැහැ"

ශ්‍රී ලංකාවේ උතුරේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී සිදුවී යැයි කියන යුධ අපරාධ පිළිබඳ පරීක්ෂණ පවත්වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂකයන්ට ශ්‍රී ලංකාවට ඇතුල් වීම සඳහා විසා බලපත් ලබා නො දෙන බව අඟහරුවාදා ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කළේය.

" අපි ඒක (පරීක්ෂණය) අනුමත කරන්නේ නැහැ, අපි ඔවුන්ට රටට ඇතුල්වීමට ඉඩ ලබාදෙන්නෙත් නැහැ"යනුවෙන් ඔහු පැවසුවේ තම නිල නිවසේ දී කොළඹ සිටින විදේශීය මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.


අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමට උපදෙස් ලබාදීම සඳහා පත් කළ තිදෙනෙකුගෙන් යුත් උපදේශන මණ්ඩලයට

ඉන්දියානු ජාතික මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු වන අව්දාස් කෞෂාල් හා පකිස්ථානු ජාතික නීති විශාර‍දයෙකුවන අහ්මර් බී. සූෆි ද පත්කල බව ජනාධිපතිවරයා මෙහිදී විදේශ මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.

" අතුර්දහන්වූ කොමිසමේ ඉල්ලීම පරිදි ඔවුනට උපදෙස් දෙන්නයි අපි මේ නියෝජිතයන් පත් කළේ, ඇතැම් අය කියන පරිදි ජාත්‍යන්තර පරීක්ෂණය අනුකරණය කරන්න නොවෙයි" යනුවෙන් ඔහු පැවසීය.

2009 දී නිමාවට පත්වූ යුද්ධයේ අවසන් මාස කිහිපය තුල දී ශ්‍රී ලංකා රජයේ හමුදාව විසින් උතුරේ සාමාන්‍ය වැසියන් 40,000 ක් මරා දමනු ලැබී යැයි යන චෝදනාව පිළිබඳ ව එක්සත් ජාතීන් ගේ සංවිධනය විසින් පරීක්‍ෂණයක් පැවැත්වීම පසුගිය මාර්තු මාසයේ දී එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ දී වැඩි ඡන්දයෙන් අනුමත විය.


එහෙත් ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ අධිකාරීත්වයෙන් යුතුව කෙරෙන එවැනි පරීක්ෂණයක් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කෙසේවුවද එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන්ට රට තුළට පිවිසීම සඳහා විසා ලබා නොදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පවසනු ලැබුවේ ප්‍රථම වතාවටයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් නවී පිල්ලේ සාධාරණව කටයුතු නොකරන බව පැවසූ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දේශපලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන බවට චෝදනා කළේය.

“එත් එක්සත් ජාතීන් ගේ වෙනත් නියෝජිත ආයතන සමග එක්වී සහයෝගයෙන් කටයුතු කරන්න අපි සුදානම්” යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතීන් ගේ මහා ලේකම් බැන්කි මූන් ඇතුළු අනෙකුත් නායකයන් ශ්‍රී ලංකා රජයෙන් තරයේ ඉල්ලා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා සහයෝගයෙන් කටයුතු කරන ලෙසටයි.


අතුරුදහන්වූ පිරිස් සරණාගතයන් ලෙස විදේශ රටවලට ඇතුළුවී ඒවායේ ජිවත්වන්නේදැයි දැනගැනීමට එම පුද්ගලයන්ගේ නම් ලය්ස්තුවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්යංශය කල ඉල්ලිම එම රටවල් ප්‍රතික්ෂේපකල බව එම අවස්ථාවට එක්වූ විදේශ අමත්‍ය ජි එල් පීරිස් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් ප්‍රකාශ කළේය.

අතුරුදහන්වුවගේ ඥාතීන් හා විදේශ තානාපති නිලධාරීන් පිරිසක් සහභාගිවූ රැස්වීමක් යම් පිරිසක් විසින් කඩාකප්පල් කරනු ලැබීම ගැන යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් රජයට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.


1989 වකවානුවේ අත්රුදහන්වුවන් වෙනුවෙන් පෙනී සිටි තමා ඒ ආකාරයෙන්ම මෙම පිරිස සොයාගැනීම වෙනුවෙන් ද කැපවෙන බව පැවසූ ජනාධිපතිවරයා ඇතැම් අවස්ථාවල අතුරුදහන්වූ බව පැවසූ පුදගලයන් විවිධ රටවලින් හමුවී ඇති බවද ප්‍රකාශ කළේය.

තව දුරටත් කතා කළ ජනාධිපති වරයා " 89 වකවනුවෙත් අපි මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා, ඒ වෙලාවේ අපිට බාධා කලේ විවිධ කණ්ඩායම් නෙවෙය්, හමුදවයි පොලිසියයි. අපි දැන් හමුදාව හා පොලිසිය ඒවාට යවන්නේ නැහැ" යනුවෙන් ද පැවසීය.


ඉදිරි ජනාධිපතිවරණය ගැන මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ 2020 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් තමන් සතු බවත් ඉදිරි ජනාධිපතිවරණයත් තමන් පහසුවෙන් ජයගන්නා බවත්ය.

2020 වසරෙන් පසු දේශපාලනයෙන් සමු ගන්නේදැයි විමසුවිට ජනාධිපතිවරයා පැවසුවේ එය ඒ අවස්ථාවේ ප්‍රකාශ කරන බවයි.

මෙම අතර අලුත්ගම හා බේරුවෙල සිද්වු ගැටුම් සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා නැවත එවැන්නක් ඇති නොවීමට හැකි සැම පියවරක්ම ගෙන ඇති බවයි සදහන් කළේ.

"එවැනි සිද්ධීන් වලක්වන්න අපි ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම අරන් තියෙන්නේ, මම හිතන්නේ නැහැ එවන් සිද්ධීන් යළි සිදුවෙය් කියලා" යනුවෙන් ඔහු පැවසීය.

0 comments:

Post a Comment