Pages

Subscribe:

Ads 468x60px

ආශ්චර්යක්.! තැඹිලි සහ පොල් එක පොල් ඉත්තක


පොල් වර්ගකීපයක් තිබේ. තැඹිලි,කුන්දිරා,නවසි,පොල් ලෙස ඒවා විවිධ නම්වලින් හැදින්වෙන, ඒවා හට ගන්නා ගස්ද වෙන් වෙන්ව පවතී. වර්ග දෙකක් එක වර්ගයේ ගසක හටගන්නේ නැත. 

සොබා දහමේ සාමාන්‍ය ස්වභාවය එයයි. නමුත් සාමාන්‍ය පොල් ගසක එක ඉත්තක තැඹිලි සහ සාමාන්‍ය පොල් හැදෙන්නේනම් එය සොබා දහමේ විශ්මයකි. ආශ්චර්යයකි. 

එම පුදුම සහගත සොබා දහමේ ආශ්චර්යයමත් සිදුවීමක් දැක බලාගැනීමේ දුර්ලභ අවස්ථාවක්,පස්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ ආදළුව
ග‍්‍රාම නිලධාරී වසමේ, සියතිස්ස අබේගුණසේකර මහතාට අයත්, මහකුඹුරහේන නැමැති තේ ඉඩමෙහි ඇති පොල් ගසකින් උදා වී ඇත.

පිංතූරයෙන් දැක්වෙන්නේ එම තැඹිලි සහ පොල් හට ගෙන ඇති පොල් ඉත්තය. මෙහි තැඹිලි ගෙඩි අටක්ද, පොල් ලෙඩි හයක්ද ඇති බව ගස මුල සිට ගණන් කිරීමේදී දැනගැනීමට හැකිවිය. මෙම පුදුමය බලන්නට ජනතාව යති.

0 comments:

Post a Comment