Pages

Subscribe:

Ads 468x60px

ආබාධිත තාත්තාව බලු දම්වැලකින් ගැට ගැසු දුව

වැලිගෙපොල ප‍්‍රදේශයේ සිය නිවසට යාබද කුඩා මඩුවක සිය පියා සුනඛයන්ට යොදන දන්වැලකින් හිංසාකාරී ලෙස බැද දමා සිටි කාන්තාව සහ ඇගේ සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුණි. 

විශ්වාසදායක තොරතුරක් අනුව අද උදෑසන කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැණුනු අතර හිංසනයට ලක්වූ පියා 86 වන වියේ පසු වනවා. ඔහු බැද දමා සිටි මඩුව
ඉටිරෙදිවලින් ආවරණය කර පොල්අතු සෙවිළි කර සකස් කළ එකක්. සැකකාර යුවළ ප‍්‍රකාශ කර ඇත්තේ මෙම පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවයි.

පාලනය කිරීම අසීරු නිසා ඔහු පුටුවක බැද දැමූ බවද ඔවුන් ප‍්‍රකාශ කර තිබෙනවා. මෙම පුද්ගලයාට දරුවන් 11 දෙනෙකු සිටින බවයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් හෙළිව ඇත්තේ.

0 comments:

Post a Comment