Pages

Subscribe:

Ads 468x60px

පනිරෙන්දාව රක්ෂිතයේ එල්ලී සිටි තරුණයා

දින 25 කට පෙර තම නිවසින් අතුරුදහන් වී පසුව පනිරෙන්දාව රක්ෂිතයේ අඩි 20ක් උස ගසක එල්ලී සිටි තරුණයාගේ තොරතුරු අනාවරණය කර ගැනීමට මාදම්පේ පොලීසිය සමත් වී ඇත.

මාදම්පේ - පූක්කුලම පදිංචිව සිටි සී.පී.චතුර විදුරංග සිරිවර්ධන (අවු:25) නම් වූ තරුණයෙකුගේ මළ සිරුරක් මෙසේ තමන්ට හමු වූ බව පොලීසිය කියයි. 


සිවිල් ඉංජිනේරු පාඨමාලාවක්  හදාරා ඇති ඔහු පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට හදිසියේ නිවසින් අතුරුදහන්වී ඇති බව සුගිය 31 වැනිදා ඔහුගේ මව්පියන් පොලීසියට පැමිණිලි කර ඇත.

ඊයේ (25) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසකට මාදම්පේ පනිරෙන්දාව රක්ෂිත වනාන්තරය තුළ තිබී හිමිකරුවෙකු

නොමැති බෑගයක් හමුවී ඇත.

ඒ සම්බන්ධයෙන් සොයා බලන විට ජාතික හැදුනුම්පතක් හමුවී ඇති අතර මේ සම්බන්ධයෙන් එම නිලධාරීන් මාදම්පේ පොලීසියට දැනුම් දී ඇත.මීට දින 25කට පෙර අතුරුදන්වූ බව කියන තරුණයාට අයත් හැදුනුම්පත බව එහිදී හඳුනාගෙන තිබේ.

ඒ අනුව පනිරෙන්දාව රක්ෂිතය තුළ සිදු කරන කළ සොයා බැලීමකදී ගසක එල්ලෙමින් තිබූ මිය ගොස් ඇති තරුණයාගේ මළ සිරුර හමුවී ඇත.ඒ අසල තිබූ ඇදුම් වලින් මිය ගොස් ඇත්තේ තම දරුවා බව අතුරුදහන්වී සිටි බව කියන තරුණයාගේ මව්පියන් විසින් හදුනා ගෙන ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව මාදම්පේ පොලීසිය කියයි.තරුණයා ගෙළ වැළලා ගත්තේ නම් මළ සිරුර තිබූ ආකාරය සහ මළ සිරුර එල්ලී ඇති ගසේ තත්ත්වය අනුව මෙම සැකය මතුවී ඇත.


ඒ අනුව මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට මාදම්පේ පොලීසිය තීරණය කර ඇත.මේ වන විට මළ සිරුර තිබෙන මාදම්පේ - පනිරෙන්දාව වනාන්තරයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.


හලාවත සහකාර පොලිස් අධිකාරී සනත් වික්‍රමසූරිය මහතාගේ උපදෙස් පරිදි මාදම්පේ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලතුංග මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු පවත්වයි.



0 comments:

Post a Comment