Pages

Subscribe:

Ads 468x60px

මීරියබැද්ද ගිලා බසියි - 250ක් අ‍තුරුදහන්


හල්දුම්මුල්ල, මීරියබැද්ද වත්ත ප්‍රදේශය මේ වන විට නාය යමින් පවතින බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අදාළ ප්‍රදේශයේ පිහිටි වතු නිවාස 120ක් පමණ පස් කඳු වලින් යටවී ඇති බවත්, මළ සිරුරු තුනක් මේ වන විට හමු වී ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක එම්.එල්. උදයකුමාර මහතා අද දෙරණට පැවසුවා.

එසේම නායයෑම හේතුවෙන් මීරියබැද්ද වත්ත ගම්මානය සම්පූර්ණයෙන් යටවී ඇති බවත්, එම ගම්මානයේ ඒ වන විට සිටි කිසිදු පුද්ගලයෙකු ජීවතුන් අතර සිටින බවට විශ්වාස කළ නොහැකි බවත් ඒ මහතා

වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට එම ප්‍රදේශයේ 250ට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති බවත්, සිද්ධියෙන් විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සඳහා ත්‍රිවිද හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන්ද සහයෝගය දක්වන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යාක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය.

අදාළ ප්‍රදේශය මේ වන විටත් නාය යමින් පැවතීම හේතුවෙන් සහන සැලසීමේ ක්‍රියාවලියට බාධා එල්ල වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තවද විපතට පත් වූ පිරිස මුදවා ගැනීම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේ වන විටත් යොදවා ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනවිරත්න මහතා සඳහන් කර සිටියේය. 









0 comments:

Post a Comment