Pages

Subscribe:

Ads 468x60px

පත්තරවලට කතා කරන්න තරම් මගේ ජනප්‍රියත්වය අඩු නැහැ - අමල් පෙරේරා කියන කතාව


මගේ ගමන 
මම හිමින් 
යනවා

අමල් පෙරේරාව කවුරුත් හැඳින්වූයේ මර්වින් පෙරේරාගේ පුතණුවන් හැටියටය. ඒත් ඒ හැඳුනුම්පත වෙනස් කරන්න අමල් සමත් වෙන්නේ ‘මල්පිට මල්’ ගීතය ඔස්සෙයි. 

එසේ අනන්‍යතාවයක් ගොඩනගාගත් අමල්ගේ හඬ නිරන්තරයෙන් අහන්න නොලැබුණත් ඔහු ජනප්‍රියයි. 

මේ අමල් ගැන අලුත්ම විස්තර.

අමල් මේ දිනවල නිහඬ ඇයි...?
මේ දවස්වල නිදහසේ කාලය ගත කරනවා. විශේෂ වැඩ කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. ඒ වගේම පත්තරවලට කතා කරන්න රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න තරම් මගේ ජනප්‍රියත්වය අඩු වෙලා

නැහැ.

මාධ්‍ය තුළින් වැඩිය දකින්න නැති නිසා නිහඬ බව දැනෙනවා ඇති. ඒ වගේම මගේ ගමන මම හිමින් යනවා. සංගීතය තුළ මට තරගයක් නැහැ.

කාලයකින් අලුත් නිර්මාණයක් කළෙත් නැහැ නේද?
මේ දිනවල නිදහසේ අලුත් ගීත ටිකක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණ ටික අලුත් ගීත ජනවාරි මාසේ තමයි එළිදක්වන්න බලා‍පොරොත්තු වෙන්නේ.

අමල් පෙරේරාගේ ගීතවලටත් ‘රිඟින් ටෝන්’ මාකර්ට් එකක් හැදිලා කිව්වොත්?
රිඟින් ටෝන්වලට මගේ ගීතවල ඉල්ලුමක් තියෙනවාද නැද්ද නම් මම දන්නේ නැහැ. ඒක අහන්න ඕන දුරකථන සමාගම්වලින් තමයි. කොහොම වුණත් මගේ ගීත රිඟින් ටෝන්වලට පාවිච්චි වෙනවා. ඒ අය අපේ ගීතවලින් ඉල්ලුමක් හදා ගන්නවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.

ජනප්‍රිය ගීත රිඟින් ටෝන් සඳහා යොදා ගැනීම හොඳ දෙයක් හැටියට නමෛයිද අමල් දකින්නේ?
ඒ ක්‍රමවේදයේ හොඳ, නරක ගැන නම් මම දන්නේ නැහැ. කොහොම වුණත් ජීවත් වීමේ අවශ්‍යතාවය එක්ක ඔය වගේ දේවල්වලට සම්බන්ධ වෙන්න අපට සිදුවෙනවා. ජීවත්වීමේ අරගලයට මුදල් ඕන නිසා ගීත රිගින් ටෝන්වලට ලබාදෙන එක වරදක් නැහැ. ඒත් නිතර නිතර ගීතය ඇහෙනකොට නිර්මාණාත්මක තත්ත්වය අඩු වෙනවා. නිතර ඇහෙන ගීතවල පැවැත්මත් අඩුයි.

2015  වසර එළිදක්වන ගීත අතර රූප රචනාත් අඩංගුද?
වීඩියෝ ගැන නම් මගේ ලොකු විශ්වාසයක් නැහැ. ඕඩියෝ කළාට පස්සේ ඒ ගැන හිතනවා. දැන්ම නම් අදහසක් නැහැ. සංගීත ප්‍රසංගවලට ඔබේ පියාගේ ගීත තවම ගායනා කරන්නේ ප්‍රසංග වේදිකාවට අමල්ගේ ගීතවලට ඉල්ලුමක් නැති නිසාද?


එහෙම දෙයක් නැහැ. තාත්තාගේ ගීත ගායනා කරන කොට ඒකට පැවැත්මක් ඇති වෙයි කියලා මම හිතනවා.

මර්වින් පෙරේරාගේ ගීතවලට සමාජයේ අදටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ ගීත යළි ගයන්න අදහසක් නැද්ද?
කොහෙත්ම නැහැ. මම තාත්තාගේ ගීත ගායනා කළාට ඒවා වෙනස් කරලා නැවත ගායනා කරන්න කිසිම අදහසක් නැහැ.

මර්වින් පෙරේරාගේ පුතත් ගායකයෙක් වුණා. දැන් අමල්ගේ පුතත් ගායකයෙක්. ඒ ගැන සතුටක් තියෙනවාද?
සතුටුයි. පුතා නදීමාල් පෙරේරා ගායකයෙක් හැටියට එයාගේ ගමන යයි. එයා ගායනයට දක්ෂ නිසා. මගේ තාත්තා මට කවදාවත් කිව්වේ නැහැ සිංදු කියලා ගායකයෙක් වෙන්න කියලා. ඒත් මම ඒ දේවල්වලට යොමු වුණාට පස්සේ යා යුතු ගමනට මග පෙන්නුවා. 


උදව් කළා. මමත් මගේ පුතාට කියන්නේ නැහැ මම වගේ සිංදු කියන්න කියලා. ඒත් එයාට ඕනෑම වෙලාවකදී පියෙක් හැටියට මම උදව් කරනවා.


0 comments:

Post a Comment