Pages

Subscribe:

Ads 468x60px

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව බැසිල් අත්අඩංගුවේ

පොලිස්‌ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය විසින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (22 දා) පෙරවරුවේ සිට පස්‌වරුව තෙක්‌ ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.

ඒ මහතා සමග ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ

ජනරාල් ඒ. ඒ. කේ. රණවක යන මහත්වරුද අත්අඩංගුවට ගෙන ඇත.

දිවිනැගුම වැඩසටහනේ "ඉසුරු උදාන" වැඩසටහනේ මුදල් වංචාවක්‌ ද, දිවිනැගුම සමුළුවක්‌ වෙනුවෙන් රුපියල් මිලියන 700 ක්‌ වංචා කළැයි මොවුන්ට චෝදනා එල්ල කර තිබේ.

0 comments:

Post a Comment