Pages

Subscribe:

Ads 468x60px

තෙල් මිල රු. 14 කින් ඉහළ දැමිය යුතුයි - තෙල් සංස්‌ථාව


ඉන්ධන මිල ගණන් විශාල ගණනකින් අඩු කිරීම නිසා පසුගිය මාස තුනේදී ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට රුපියල් මිලියන හාරදහසක (බිලියන 4 ක්‌) පාඩුවක්‌ සිදුවී ඇති අතර මෙම තත්ත්වය මත පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් ඉහළ දැමිය යුතු බව සංස්‌ථාව මහා භාණ්‌ඩාගාරයට දන්වා තිබේ.

කෙසේ වෙතත් ජනතාවට සහනදීමට රජය ගත් තීරණය අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නොදමා යම්කිසි ක්‍රමවේදයක්‌ හරහා අදාළ පාඩුව මහා

භාණ්‌ඩාගාරය හරහා පියවීමට රජය තීරණය කර ඇත.

මේ වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් විස්‌සක පමණ පාඩුවක්‌ද ඩීසල් ලීටරයකින් රුපියල් 15 ක පමණ පාඩුවක්‌ ද විඳීමට තෙල් සංස්‌ථාවට සිදුව ඇත.

2002-2003 වසරවල තෙල් මිල ක්‍රියාත්මක කළ ''මිල සූත්‍රය'' යළිත් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව ඇති අතර ඒ අනුව ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල උච්චාවචනය වන ආකාරයට මාසෙන් මාසයට මෙරට ඉන්ධන මිල ඉහළ පහළ දැමීමට අවධානය යොමු කර ඇත.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව ලංකා බැංකුවට හා මහජන බැංකුවට රුපියල් බිලියන 375 ක්‌ ණය බරව සිටින අතර ඒ හා සැසඳීමේදී පසුගිය මාස තුනේදී සිදුව ඇති රුපියල් බිලියන හතරක පාඩුව විශාල එකක්‌ නොවන බව මේ සම්බන්ධයෙන් ''දිවයින'' කළ විමසීමේදී එහි උසස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

පසුගිය වසර පහළොවක විස්‌සක කාලයේදී සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව නවීකරණය නොකිරීම, ගබඩා පුළුල් නොකිරීම, තෙල් නළ අලුත්වැඩියා නොකිරීම නිසා ගැටලු රැසක්‌ පැන නැගී ඇති අතර එම කටයුතු සඳහා දස අවුරුදු සැලසුමක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබේ.

0 comments:

Post a Comment