Pages

Subscribe:

Ads 468x60px

අවුරුදු 70-75 වයසේ ආච්චිලාත් ගණිකා සේවයේ


පවතින ආර්ථික ප්‍රශ්න හේතුවෙන් තරුණ වියේදී ගණිකා සේවයෙහි යෙදුණු දැනට අවුරුදු 70 - 75 වයසේ පසුවන ලිංගික ශ්‍රමික කාන්තාවන් යළි ගණිකා සේවයට පැමිණීම වැඩි වෙමින් පවතින බව සමීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

කොළඹ ඇතුළු දිවයිනේ සෑම නගරයකම පාහේ මෙම තත්ත්aවය දක්‌නට ලැබෙන අතර ඔවුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණෙන වැඩි දෙනා

වයස අවුරුදු 15-16 වයස්‌වල පසුවන පාසල් සිසුන් බවද හෙළිවී ඇත.

මෙම තත්ත්වය මත මෙම වියපත් ලිංගික ශ්‍රමිකයන් හරහා ඔවුනගේ සේවය පතා පැමිණෙන යෞවන වියේ පිරිමි ළමයින්ට මෙන්ම සෙසු පුද්ගලයන්ටද එච්.අයි.වී./ඒඩ්ස්‌ ඇතුළු සමාජ රෝග වැළඳීමේ අවදානමක්‌ පවතින බව ලිංගික ශ්‍රමිකයන් අතර එච්.අයි.වී./ඒඩ්ස්‌ පිළිබඳ දැනුවත් භාවය ඇති කිරීමේ වැඩසටහන් පවත්වන අභිමානී කාන්තා සංවිධානය පවසයි.

මෙම වයස අවුරුදු 70-75 වයස්‌වල පසුවන ලිංගික ශ්‍රමික කාන්තාවන් ඇතැම් වීථිවලද සැරිසරන බවත් ඔවුන් නැවත ගණිකා සේවයට පැමිණ ඇත්තේ මුදල් ඉපයීම සඳහා සිය දරුවන් හා මුණුපුරු මිණිපිරියන්ගේ බලපෑම මත බවත් එම සංවිධානය කියයි.

0 comments:

Post a Comment