Pages

Subscribe:

Ads 468x60px

පාසල් බසයෙන් ඇදවැටුණු සිසුවිය එයටම යට වී මරුට

බද්දේගම හම්මෑලිය ප්‍රදේශයේදී ඊයේ (12 දා) උදෑසන පාසල් බස්‌ රථයකින් ඇදවැටුණු සත් හැවිරිදි දැරියක එම බස්‌ රථයේ පසුපස රෝදයට යට වී අවාසනාවන්ත ලෙස මියගොස්‌ තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ බද්දේගම ක්‍රිස්‌තුදේව බාලිකා විද්‍යාලයේ දෙවැනි වසරෙහි සිසුවියක වූ බද්දේගම වාඩුවැලිවිටියේ පදිංචි දම්මුල්ලගේ ඉෂාරා දෙව්මිණි (7) නමැති දැරියයි.

ඊයේ උදෑසන මෙම දැරිය පාසල වෙත යැමට පාසල් බස්‌ රථයෙන් එන අතරවාරයේ හම්මෑලිය ප්‍රදේශයේදී පාසල් බස්‌රථය නතර කර තවත්

සිසුවියක නංවාගෙන ඇත.

පසුව බසය ඉදිරියට ගන්නවාත් සමඟ බසයේ පාපුවරුවෙන් ඇදවැටුණු මෙම දැරිය බස්‌ රථයට යට වී ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

දැරියගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ දහවල් ගාල්ල කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

0 comments:

Post a Comment