Pages

Subscribe:

Ads 468x60px

කහවත්තේ දෙවැනිව මැරූ මව හා දියණියගේ ඝාතකයින් නිදොස් කොට නිදහස්


පසුගිය 2012 වසරේ ජූලි මස කහවත්තේ දෙවැනිව සිදුවූ මවක සහ දියණියක දූෂණය කර ඝාතනය කිරීම පිළිබඳ සිද්ධියේ නඩු විභාගය අද පැවති අවස්ථාවේ සාක්ෂි පරස්පරයි කියා ඒ සම්බන්ධව බන්ධනාගාර ගතව සිටි සැකකාරයින් තිදෙනාම නිදොස් කොට නිදහස් කර තිඛෙනවා. 

කුඩු ප්‍රවාහන සිද්ධියක් නිසා එම වසරේ ජනවාරි මස ඝාතනය කළ මව හා දියණියගේ සිද්ධියට  කහවත්තේ ධර්මසිරි ඇතුළු අය ඒ දිනවල සැකපිට බන්ධනාගාරගතව සිටියදී එය යට ගැසීමේ අරමුණින් කහවත්තේ ඝාතන
රැල්ලට තවත් අය මැරෙනවා යයි පෙන්වීමට මේ කියන මව හා දියණිය මරා දැමූ බව ඒ කාලයේ ආරංචි වුණා.

ලියනාරච්චි ප්‍රේමවතී (67), හේවගමගේ පුෂ්පකුමාරි (23) යන මවක හා දිය‚යක ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ගිනි තබා විනාශ කිරීමේ මෙකී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වූ නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියන්ත, ලොකුගම්හේවගේ මිතිල යන සැකකරුවන් අද මෙසේ නිදොස්කොට නිදහස් කර ඇත.


කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද තෙන්නකෝන් මහත්මිය කියා ඇත්තේ මේ සම්බන්ධව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි ලෙස පරීක්ෂණ සිදුකර නැති බවකි. 


රජයේ සාක්ෂිකරු බවට පත්කරනු ලැබූ ඝාතනය කිරීමේ අපරාධ සහායකයාගේ සාක්ෂිය එසේ පත්කරන්නට පෙර සාක්ෂිය හා නොගැළපුන බවත් සාක්ෂිකරුගේ අවිශ්වාස ප්‍රකාශයක් මත විත්තිකරුවන්ට ද~ුවම් දීමට හැකියාවක් නැති බවත්ය.ඒ අනුව සාක්ෂිකරුවන් සියල්ල ඇය විසින් නිදොස් කොට නිදහස් කළා.

මෙම මරණ සිදු කර තිබුනේ හිටපු ඇමති ජෝන් සෙනෙවිරත්නගේ සම්බන්ධීකරණ ලේකම් වූ පළාත් සභා මන්ත්‍රී ධර්මසිරිගේ උවමනාවට ඔහුගේ සොයුරා ඇතුළු පිරිසක් බවට සැක කෙරුණා. අද නිදහස්වූ මිතිල යනු ධර්මසිරිගේ සොයුරෙකි.


මෙම නඩුවේ රජයේ සාක්ෂි කරු බවට පසුව පත්වූ සිරිපාල නමැත්තා ඒ දිනවල සිදු කළ පාපොච්චාරණය අනුව සිද්ධියට සම්බන්ධ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබුණා.


කිසිම වරදක් කර නැති මේ මව හා දුව ඔවුන් විසින් මරා දූෂණය කර තිබුනේ බොරු ඝාතන රැල්ලක් පෙන්නා පොලිසිය නොමග යවා ඒ දිනවල බන්ධනාගාරයේ සිටින දෙන්නාට ඇප ලබාගැනීමේ මුග්ධ අදහසිනි.


2012 ජූලි 18 වනදා රාත්‍රියේ ප්‍රේමාවති හා පුෂ්පකුමාරි නිවසේදී මරා කාමරයක පිළිස්සෙමින් තිබියදී ගමේ අය ගින්න දැක එය නිවන්නට ආ  අවස්ථාවේ මෙම ඝාතන හඳුනාගෙන තිබුණා.


ගම්වැසියන්ටද පෙනෙන සේ මෙම ගින්න නිවන්නට මූලිකව කටයුතු කළ සිරිපාල නමැති මේ ගමේ කුලීවැඩ කරන තැනැත්තා මෙම ඝාතන වලට සෘජුවම සම්බන්ධව සිටි අතර ඔහු පිළිබඳ පොලිසියට සැක සිතුණත් මුලදී ඔහු පොලිසිය නොමග යවමින් බොරු ආරූඪයක් මවා පා තිබුණා. 

පසුව පොලිස් ප්‍රශ්න කිරීම් වලදී කියා සිටියේ නිලන්ත නමැත්තෙකු මියගිය කාන්තාව හා වෛරයෙන් සිටි බව නිසා සැක බවය. එය බොරුවක් විය.කෙසේ වෙතත් පොලිසියේ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ
ඝාතන සිද්ධ කළ ආකාරය ගැන ඇත්ත සිරිපාල මුලින් පාපොච්චාරණය කර තිබුනේ පහත පරිදිය.

සර් මේකට කොන්ත්‍රාත්තුව අපිට භාර දුන්නේ කලින් අම්මවයි දූවයි මරලා දැන් හිරේ ඉන්න ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධර්මසිරි මහත්තයයි රාජුයි. අපිට ප්‍රේමාවතියි පුෂ්පවයි මරන්න කිව්වේ ඒ අයට ඇප ගන්න ඕන නිසා. 


ඒ අයට තව මල්ලිල දෙන්නෙක් ඉන්නව මිතිලයි තුෂාරයි. ඒ අය තමයි මේක සැලසුම් කළේ. ඒ අය පේමාවතී අක්කගෙ ගෙට පනින්න කෙනෙක් හොය හොයා ඉන්න කොට තමයි නාමල් මල්ලි මං ගැන එයාලට කියල තියෙන්නෙ. මොකද මං ඒ වත්තෙ නිතර සුද්ද කරන කුලී වැඩ කරල තියනව. නාමල් මල්ලි කරන්නෙ වාහන පේන්ට් කරන රස්සාව.

එයාට ලක්ෂයක් මේකට දෙන්නම් කියල තමා කොන්ත්‍රාත්තුව දීල තිබුනෙ. මාව මේකට සම්බන්ධ කරගන්න ඕන වෙලා නාමල් මට ගෙදර එන්න කිව්ව.මුලදි මොකටද කියල කිව්වෙ නෑ. 


මරන්න ප්ලෑන් කරපු දවසට කලින්දා නාමල්ගෙ ගෙදරට මට එන්න කිව්ව. එහේදී මට නාමල් බ්ලු ෆිල්ම් පෙන්නුව. උඹට පුෂ්ප එක්ක හොඳ හොඳ ඒව කරන්න පුළුවන් කිය කිය මාව ඇවිස්සුවා. මේ වැඩේ කරල දෙනව නම් දහදාහක් දෙන්නම් කියල කිව්වා.එයා කිව්ව නිසා මං කැමති වුණා.

පහුවදා මං ප්‍රේමාවතී අක්කලගෙ ගෙදර ගිහින් වැඩ ඉල්ලගෙන වත්ත සුද්ද කළා. දූවයි අම්මවයි මරන්න තීරණය කරල තිබ්ඛෙ රෑ දොළහට විතර. මිතිල මහත්තයයි තුෂාර මහත්තයයි හොඳටම බීල මගේ ගෙදර ආවා. එතකොට දොළහමාරට විතර ඇති. 


නාමල් මහත්තයාගෙ අතේ භූමිතෙල් බෝතල් බාගයක් තිබ්බ. මං ගාව තිබ්බ වක් පිහිය තුෂාර මහත්තය ඉල්ල ගත්ත. ඊට පස්සෙ තුෂාර මහත්තය රබර් ග්ලවුස් දෙකක් අත්වලට දාගත්තා.

බොරුවක් කියාගෙන මට මුලින්ම පේමාවතී අක්කලගෙ ගෙදරට යන්න කියල කිව්ව. 12.40 ට විතර අපි පිටත් වුණා. මං පේමාවතී අක්කලගෙ ගේ ගාවට යද්දි දෙන්නෙක් දැම්ම ඔත්තු බලන්න.


ගේ ගාවට ඇවිත් දොරට තට්ටු කරල කිව්ව.. පේමාවතී අක්කෙ මගේ පවුලට හදිසියෙ අසනීපයක් හැදිල..අද වැඩකරපුවැයි සල්ලි ගන්න පුළුවන්ද කියල..


ඒකට පේමාවතී අක්ක දොර ඇරිය. මං ඒ එක්කම අක්කව තල්ලූ කරල දැම්ම. එයා සිහිය නැතිවෙල වගේ බිම වැටුණා. සද්දෙ නිසා පුෂ්පාත් ගේ ඇතුළෙ ඉඳන් අම්මෙ කියාගෙන ඉස්සරහට ආවා. තුෂාර මහත්තය අතේ තිබුණ වක් පිහියෙන් පුෂ්පගෙ ඔලූවට කෙටුව. 


පුෂ්ප එතනම ඇදගෙන වැටිල ද`ගලන්න පටන් ගත්ත. පුෂ්ප ආයෙත් නැගිටින්න හදන කොට තුෂාර මහත්තයා ආයෙත් කෙටුව.ඒ සැරේ එයාගෙ අතේ ඇ`ගිලි කැපිල වෙන්වෙල ගියා. වැටිල හිටිය දෙන්නවම අපි දූෂණය කළේ ඊට පස්සෙ.................

දෙන්නවම ගේ ඇතුළෙ කාමරේකට ඇදගෙන ගියා. පුෂ්පගෙ ඔලූවෙන් ලේ ගලන්න පටන් ගත්තා. මුළු කාමරේම ලේවලින් නෑවුණා. රෙදි පාන්කඩ ඔලූවට තියල ලේ නැවැත්තුවා. 


ඒ වෙනකොට දෙන්නම මැරිල හිටියෙ. ඊට පස්සෙ දෙන්නගෙ ඇ`ගවල් උඩට රෙදි කොට්ට මෙට්ට දාලා ඒවට භූමිතෙල් දාල ගිනි තිබ්බ. ගින්න පැතිරෙන කොට අපි එතැනින් මාරු වුණා. පස්සෙ ගමේ අය එනකම් ඉඳල අපි ආයෙත් එතැන්ට ආව.........

පසුගිය 2012 ජුලි 18 වනදා සිදුවූ මෙම සිද්ධියේදී ප්‍රදේශවාසීන් ගින්න නිවා දමා නිවස පරීක්ෂා කරද්දී කාමරයක පිළිස්සී මියගොස් සිටි කාන්තාවන් දෙදෙනාගේ සිරුරු හමුවී තිබුණා’

නිවසේ එක් කාමරයක බිම රුධිරයෙන් නැහැවී ගොස් තිබුණා. ඝාතනයට ලක්වූ පුෂ්පා කුමාරි අවිවාහක තරුණියකි. ඇය කහවත්ත ප්‍රදේශයේ රන් ආභරණ අලෙවි සලක සේවය කරමින් සිටියා. ඇයට සොහොයුරන් දෙදෙනකු සහ එක් සොහොයුරියක සිටින අතර ඔවුන් සියලු දෙනා විවාහකයින් බවද කියැවුණා’

ඝාතනයට ලක්වූ පෙරමවතීගේ සැමියා මීට වසර කිහිපයකට උඩදී මියගොස් සිටි අතර ඇය සිය අවිවාහක දියණිය ද සමග මෙම නිවසේ පදිංචිව සිටියා’අක්කරයක් පමණ විශාල පොල් වත්තේ පිහිටි නිවසක මොවුන් පදිංචිව සිටි අතර කුඹුරු ඉඩම් කිපයක්ද ප්‍රේමාවතී මහත්මිය සතු වූ බව කියැවුණා’


සිරිපාලගේ ප්‍රකාශය පදනම් කරගෙන අනෙක් සැකකරුවන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණ අතර වරද පිළිගැනීම නිසා ඔහු රජයේ සාක්ෂිකරු කර නඩු විභාගය සිද්ධවුණා. නමුත් සිරිපාල පසුව අධිකරණ යේදී සිදු කර ඇති ප්‍රකාශයන් පෙර කී කතාවට වෙනස්ව සිදු කර ඇත. ඒ නිසා ඔහුව විශ්වාස කර අනෙක් අයට ද~ුවම් දෙන්නට බැරි බව අද විනිසුරු තුමිය පවසා තිබුණි.


මෙම ඝාතනය අද තීන්දුව සමග වැළලී යනු ඇත.

0 comments:

Post a Comment