Pages

Subscribe:

Ads 468x60px

මිනිස්‌ අතකට බොහෝ සමාන වැල් අලයක්‌

මිනිස්‌ අතකට බොහෝ සෙයින්ම සමාන වැල් අලයක්‌ මහියංගන විල්ලුව වැව ප්‍රදේශයේ නිවසක වැල් අල හාරමින් සිටි පිරිසකට පසුගියදා හමුවී ඇත. එය මිනිස්‌ අතක ඇඟිලි හා නියපොතුවලට බොහෝසෙයින් සමාන ආකාරයෙන් තිබීම සුවිශේෂය.

මහියංගන, පූජා නගරය, විල්ලුපිටිය, අංක 101, ඩී. එම්. ප්‍රියන්ත මහතාගේ නිවසින් මෙම සුවිශේෂ වැල් අලය හමුවී ඇත. 


නිවසේ පිටුපස සිටවා තිබූ වැල් අලය නිසි කල උදාවීමත් සමග ආහාර සඳහා ලබා ගැනීමට හාරා ඇත. මිනිස්‌ අතට සමාන වැල් අලය හා ඒ අසලම වෙනත් වැල් අලයක්‌ හාරා ඇති අතර
එයද මිනිස්‌ යුවලකගේ සමාන හැඩරුවින් ඇති බව ඩී. එම්. ප්‍රියන්ත මහතා ප්‍රකාශ කර සිටී. 

පෙමින් වෙලී සිටින කාන්තා හා පිරිමි කෙනෙකුගේ හැඩය එම වැල් අලයටද ඇති බව එම මහතා වැඩිදුරටත් පැවසීය. ඒවා දැක බලා ගැනීම සඳහා ගම්මානයේ විශාල පිරිසක්‌ ඩී. එම්. ප්‍රියන්ත මහතාගේ නිවසට පැමිණ ඇත.

0 comments:

Post a Comment