Pages

Subscribe:

Ads 468x60px

මිනීමරුවන් නිදහස් කළාට කහවත්තේ මහ කලබල

පොලිසියෙන් ජල ප්‍රහාර
ගම්වැසියන්ගෙන් ගල්මුල්


අද දහවල් කොළඹ මහාධිකරණයේදී ලබාදුන් නඩු තීන්දුවකට අනුව කහවත්ත කොටකෙතන මවක හා දියණියක දූෂණය කර මරා පුළුස්සා දැමීමේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමේ තීරණයට විරෝධය පළකරමින් එම සිද්ධියට මුහුණදුන් කහවත්ත ප්‍රදේශවාසීන් පාරට බැස විරෝධතාවයක් දක්වා තිඛෙනවා.


පොලිසිය සමග වාද කරමින් පොලිසිය හා ගැටෙමින් කෑ ගැසූ උද්ඝෝෂකයින් තමන් අනාරක්ෂිත බවත් මිනීමරුවන් නිදැල්ලේ

හැසිරෙන බවත් ප්‍රකාශ කර ඇත. උද්ඝෝෂකයන් මාධ්‍යවේදීන්ටද විරෝධය පළ කරමින් එම ස්ථානයට පැමිනීම වළක්වා ඇත.

පසුව මෙම ගැටලූවට විසඳුමක් ලබාදෙනතුරු තමන් පාරෙන් පිටව නොයන බව කියමින් ඇඹිලිපිටිය - රත්නපුර මාර්ගයේ මැදට ගිට විරෝධතාකරුවන් පාර අවහිර වන ලෙස එහි බිම දිගාවී විරෝධතාවේ නියළුණ අතර පොලිසිය ඔවුන් විසුරුවා හැර පාර අවහිරවීම වළක්වා ගැනීමට උත්සාහ කළත් ඔවුන් පොලිසිය කියන දේට කන්දී නැත.

පැය 2 කට ආසන්න කාලයක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ පිරිස ඉවත් කිරීම සඳහා අනතුරුව පොලිසිය අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිඛෙනවා. මෙයට ප්‍රතිප්‍රහාර ලෙස උද්ඝෝෂකයින් ද පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බව වාර්තා වුණා.




0 comments:

Post a Comment