Pages

Subscribe:

Ads 468x60px

‘මම පොලීසියට ගල් ගහනව කිව්වෙ නාමල් බේබිගෙ උවමනාවට' - ඩී.වී. උපුල් කියයි!


මූල්‍ය අපරාධ කොට්ඨාශයේ (FCID) ඉහළම නිලධාරියාගේ සිට පහලම නිලධාරියා දක්වා රාජපක්ෂ රජයක් යටතේ ගල් ගසා මරා දමන බවට තමා ප්‍රසිද්ධ වේදිකාවකදී සඳහන් කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත බව දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් සිය නීතිඥයින්ට පවසා තිබේ.

පළාත් සභා අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික ප්‍රකාශය පිළිබඳව රහස් පොලීසිය විසින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර

හෙට අනිද්දාම මේ පිළිබඳව කටඋත්තරයක් දීමට ඩී.වී. උපුල් පළාත්සභා අමාත්‍යවරයාව රහස් පොලීසියට කැඳවීමට නියමිතය. 

මේ පිළිබඳව ඇතිවිය හැකි නීතිමය තත්වය සාකච්ඡා කිරීම සඳහා ඊයේ (03) සිය නීතිඥයින් හමුවී ඇති ඩී.වී. උපුල් තමා එවැනි ප්‍රකාශයක් කලේ නාමල් රාජපක්ෂගේ ඉල්ලීම මත බව සඳහන් කර ඇත.

එම රැස්වීම පැවැත්වුන දා උදයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මෑණියන් වන හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කටඋත්තරයක් ගැනීම සඳහා කැඳවීම පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දැඩි ලෙස කෝපයෙන් පසුවී තිබේ. 


ඊට අමතරව හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුතණුවන් සමාජ ජාල ඔස්සේ නාමල්ට දෙන ලද පිලිතුරෙන් ඔහු තවත් අපහසුතාවයට පත්වී සිට තිබේ.

රැස්වීම ආරම්භයේදී තමා ළඟට කැඳවූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ‘හෙට අනිද්දා අපි ආයි බලයට ආපුවහම මුන්ට දෙන්නෙ රජකාලෙ දඬුවම්' යනුවෙන් පැවසූ දෙය තමා ඔහු ඉදිරිපිටදීම ප්‍රසිද්ධ වේදිකාවේ සඳහන් කළ බව ඩී.වී. උපුල් අමාත්‍යවරයා සඳහන් කොට ඇත. 


යම් හෙයකින් රහස් පොලීසිය විසින් ඩී.වී. උපුල් අමාත්‍යවරයාට නඩු පවරනු ලැබුවහොත් ඔහු තම විත්ති වාචකය (Defence) ලෙස නාමල් තමන්ට කළ ප්‍රකාශය යොදා ගැනීමට සූදානම්ව සිටී.

0 comments:

Post a Comment