Pages

Subscribe:

Ads 468x60px

ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කර අවසන්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ  මහත්මියගෙන් පොලිස් මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මේ වනවිට ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් එම ප්‍රශ්න කිරීම් අවසන් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා පැවසුවේය.

සිරිලිය සවිය නමින් මහජන බැංකුවේ මරදාන සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගිය ගිණුමකට බැංකු ශාඛා රැසකින් රුපියල් කෝටි

ගණනින් මුදල් බැරකර ඇති බවට සැක සහිත ගනුදෙනුවක් සිදු කළ බව කියන පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

එසේම එම ගිණුම විවෘත කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ ව්‍යාජ හැඳුනුම් පත් අංකයක් දී ඇති බවත් පැමිණිලි පාර්ශ්වය පෙන්වා දෙයි.

හිටපු ජනපති බිරිඳගෙන් අද (01) ප්‍රශ්න කිරීමට නියමිතව තිබූණේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තුළ වුවද එම ප්‍රශ්න කිරීම කතානායක නිල නිවසේ දී සිදු කර ඇති බව වාර්තා වෙයි.


මූල්‍ය අපරාධ කොට්ඨාසෙට නොයා කථානායකගෙ ගෙදරට පොලිසිය ගෙන්නං ශිරන්ති කට උත්තර දීලා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිය පසුගිය කාලයේ සිරිලිය සවිය නමින් මහජන බැංකුවේ බැංකු ගිණුමක් ආරම්භ කර එහි ව්‍යාජ දත්ත යොදා වංචාවක් සිදු කර ඇතිය යන චෝදනාව ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණයක් අරඹා ඇත.


එයට අදාළ කට උත්තරය ලබාදීමට ඇයට පැමිණෙන්න යයි පසුගියදා පොලිසිය දැන්වූ පසු ඒ ආකාරයට කැඳවීම ගැන නාමල් රාජපක්ෂ ඇතුළු මහින්ද හිතවාදීන් සිය අප්‍රසාදය පළකර තිබුණ අතර මෙය දේශපාලන පලිගැනීමක් ලෙස නම් කර තිබුණි.


මේ අතර අද ඇය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙනු ඇතැයි සිතා මාධ්‍ය කණ්ඩායම් එහි දොරකඩ අසළ උදෑසන සිට රැඳී සිටියත් මාධ්‍යයද දැනුවත් නොවූ හොර පාරකින් ඇය කට උත්තරය ලබාදී තිබුනේ වෙනත් තැනකදීය.

ඇය මහින්දගේ සොයුරු කථානායක චමල් රාජපක්ෂගේ නිල නිවසේදී මේ සම්බන්ධ කට උත්තරය ලබාදී තිබුනේ ඇයට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යාමේ මදි පුංචිකම වළකාගෙනය.


ඇයට මේ ආකාරයට කට උත්තර ලබාදීමේ වරප්‍රසාදය ලබාගෙන ඇත්තේ කොයි ආකාරයටද යන්න තවම අනාවරණයවී නැත.


මින් ඉහත මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවූ විට ඒ ගැන පාර්ලි මේන්තු මන්ත්‍රීවරුන් උද්ඝෝෂණය කර එම මදිපුංචිකම වසාගත් අතර තවම මහින්ද එම කට උත්තරය ගෙදරට ගෙන්වාගෙන හෝ ලබාදී නැත. ඉන් පසු ගෝඨාභය රාජපක්ෂගේ අල්ලස් කොමිසමේ කට උත්තරය දෙනවාට පාක්ෂික විරෝධතා මතුවිය.

0 comments:

Post a Comment