Pages

Subscribe:

Ads 468x60px

ගෝඨා ජාතික ලැයිස්තුවෙන් පාර්ලි මේන්තුවට - පසුව ඇමැති ධුරයකට - ඉන්දීය වෙබ් අඩවියක් අනාවැකි කියයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇතැයි ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පවසනවා. 

දේශපාලන ආරංචි උපුටා දක්වමින් එම වෙබ් අඩවිය වැඩිදුරටත් කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා යටතේ නව ආණ්ඩුවක් බිහි වුණ
හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට අමාත්‍ය ධුරයක්ද ලැඛෙනු ඇති බවයි.

කෙසේ වෙතත් සකී්‍රය දේශපාලනයට පිවිසීමට තමන්ට කිසිදු අදහසක් නැතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා ප්‍රකාශ කළා. ඔහු ඒ බව පැවසුවේ පාදුක්ක ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික වැඩසටහනින් පසුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවියේ පළ කර ඇති වාර්තාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ද කරුණු දක්වා තිඛෙනවා. එහි සඳහන්ව ඇත්තේ සකි්‍රය දේශපාලනයට එක් නොවීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තවත් උපක්‍රමික ක්‍රියාවක් බවයි.

කිසියම් එක් ඡන්ද කොට්ඨාසයකට පමණක් සීමා වුවහොත්  සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට කළ හැකි වැඩ කොටස සීමා සහිත වනවා.


සිය දේශපාලන කි්‍රයාකාරකම් තමා නියෝජනය කරන ඡන්ද කොට්ඨාසයට පමණක් සීමා කිරීමට සිදුවීම ඊට හේතුවයි. සකී්‍රය දේශපාලනයට එක් නොවීමෙන් රට පුරාම එක ලෙස කටයුතු කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බවද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පවසනවා. 

මෙම වාර්තාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුන්වා දී ඇත්තේ ශී්‍ර ලංකාවේ දෙවන ජනපි්‍රයම නායකයා ලෙසයි. ඔහු සකී්‍රය දේශපාලනයට පිවිසුනහොත් රාජපක්ෂ පවුලේ ඛෙදීමක් සිදුවිය හැකි බවද දේශපාලන ආරංචි උපුටා දක්වමින් අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිඛෙනවා. 


කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ  මහතා සකී්‍රය දේශපාලනයට එක් නොවීමෙන් එම අවදානමද පහව යන බවයි එහි සඳහන් වන්නේ.

0 comments:

Post a Comment