Pages

Subscribe:

Ads 468x60px

තාත්තා පන්ති ගිය පුතා හොයද්දි කැපුම් තුවාල සහිත සිරුර උඩවලවෙන් හමුවෙයි


උඩවලව - කොළඹගේආර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 17 ක පාසල් සිසුවෙකුගේ මළ සිරුරුක් හමුවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන මිරිස‍්වැල් පොත විද්‍යාලය අසල වත්තක තිබී මෙම සිසුවාගේ මළ සිරුර හමුවනවිට

එහි කැපුම් තුවාල දක්නට ලැබුණු බවයි.

මෙම සිසුවා ඊයේ රාත්‍රියේ උපකාරක පන්තියක් සදහා සහභාගිවීමට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව පියා උඩවලව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුවයි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම සිසුවාගේ මළ සිරුර හමුවී ඇත්තේ.

0 comments:

Post a Comment