Pages

Subscribe:

Ads 468x60px

ශී‍්‍ර ලංකන් හිටපු ලොක්කා පරණ පෙම නිසා විදින දුක්


මේක පේ‍්‍රම කතාවක්. සෑහෙන අනුවේදනීය එකක් කිව්වොත් වඩාත් හොදයි.

අපේ ගුවන් සේවයේ ඉහලම පුටුවට බරක් වෙලා ඉදපු සිංහයෙක් වගේ මහත්තයෙක් ගුවන් සේවයේම ළදක් සමඟ පේ‍්‍රමෙක පැටලිලා ඉදපු බව රටම දන්න කතාවක්. ඉතිං ආණ්ඩු පෙරලියත් සමග උන්නැහේගෙ තනතුර නැතිවීමත් සමග දැන් එයා ඉන්නෙ ගෙදර. 


එයාගෙ පේ‍්‍රමයත් දියවෙලා යනවා කියලයි ආරංචි. ඒ උනත් උන්නැහේ තවමත් අර පේ‍්‍රමය හොය හොයා තැනින් තැන ඇවිදිනවලු.

පෙම්වතිය වූ තරුණිය හදිසියේම සිංගප්පූරුව පැත්තේ යනවාය කියලා ලැබුන ආරංචියක් නිසා කලබල වූ මහත්තයා කටුනායකට දුවලා ගිහිල්ලා පිටත්වීමේ පර්යන්තයට වෙලා දවසක්ම හිටියාලු අර තරුණිය එනකන්.

අන්තිමේ තරුණිය ආපු නැති නිසා පොත් පෙරලලා බැලුවලු එයා යන එන වෙලාව. ඒත් තොරතුරක් ලැබුනෙ නැතිලු. 

ඔහොම උන්නැහෙ එයාපොර්ට් එකේ රස්තියාදු වෙන කොට එතුමාගේ ජංගම දුරකථනෙට පිටරටින් කෝල් එකක් ආවලු. කතා කලේ අර තරුණියලු. එයා කතා කරලා මෙහෙම කිව්වලු.

“මම දැන් ලංකාවේ නැහැ. ඉන්නෙ පිටරට. තව දුරටත් ඔතන රස්තියාදු නොවී ගෙදර යන්න“. ඒ පණිවුඩෙන් දුකට පත්වුන උන්නැහේ වහාම ගෙදර ගියාලු.

0 comments:

Post a Comment