Pages

Subscribe:

Ads 468x60px

ආතුරයා දූෂණය කළේ ලෙඩ හොඳ වෙන්නලු


විවිධ අත්භූත බලවේග හා සබැඳි මිත්‍යා විශ්වාස තවමත් ශ්‍රී ලංකාව තුල බහුලව පැතිරී පවතිනවා. සමාජය තුල මෙවැනි දෑ විශ්වාස කරන්නන් මුලාවට පත් කරමින් විවිධ ආකාරයේ ජාවාරම් වල යෙදෙන යකැදුරන් පිළිබඳ පුවත් මින් පෙර ද විටින් විට ඔබ අසා ඇති. 

බොහෝ විට ඔවුන් අතින් සිදුවන්නේ ජනතාව රවටා කොට මුදල් හම්බ කිරීම වුවත්, අමුතුම ආකාරයේ රැවටීමක් සිදු කළ යකැදුරෙකු පිළිබඳව වාර්තා වන මේ පුවත බේරුවල ප්‍රදේශයෙන්.

බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ යකැදුරෙකු වෙත පැමිණි කාන්තාවකට ඔහු පවසා ඇත්තේ ඇයට “කළු කුමාර දිෂ්ඨිය” නමැති අධි මානසික

රෝගය වැළඳී ඇති බව යි. 

පසුව මෙම රෝගී තත්වයට පිළියම් කිරීම වෙනුවෙන් අදාල කාන්තාවගේ නිවසට පැමිණි යකැදුරා සහ ඔහුගේ සහයකයා, “අහු” නමැති ගෙඩි වර්ගයක් රැගෙන එන්නැයි කියා, කාන්තාවගේ සැමියා සහ පියා නිවසෙන් එළියට යවා තිබෙනවා. 

මෙම අවස්ථාවේ දී යකැදුරා රෝගී කාන්තාවට පවසා ඇත්තේ කළු කුමාර දිෂ්ඨිය සුව වීමට නම්, තම සහයකයා සමඟ ලිංගිකව එක්විය යුතු බවයි.

මේ ආකාරයෙන් කාන්තාව රවටා, තම සහයකයා ලවා ඇයව දූෂණය කරවූ යකැදුරා, අනතුරුව අහු ගෙඩි රැගෙන නිවසට පැමිණි කාන්තාවගේ සැමියාත් පියාත් නැවත වරක් නිවසෙන් පිටත් කොට ඇත්තේ එක නැට්ටේ දෙහි සොයාගෙන එන ලෙස පවසමින්. 


ඔවුන් දෙදෙනා දෙහි සෙවීමට නැවත පිටව ගිය අවස්ථාවේ යකැදුරා විසින් ද කාන්තාව දූෂණයට ලක්කොට ඇති බව යි වාර්තා වන්නේ. මේ ආකාරයට රෝගය සුව කිරීමේ මුවාවෙන් ඇයව දූෂණය කිරීමෙන් පසු, යකැදුරාත් සහයකයාත් පළාගොස් තිබෙනවා. 

සිද්ධියට මුහුණ දී ඇත්තේ 31 හැවිරිදි කාන්තාවක්. සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසීය පරීක්ෂණ පවත්වනවා.

0 comments:

Post a Comment