Pages

Subscribe:

Ads 468x60px

තුන්වැසියා දුටු දෙය අත උඩ නිදාගත් තරුණිය


කොළඹින් පිටත් වූ මාර්ග අංක 138 බසය ගාමිණී හෝල් නැවතුමෙහි නතර කළ විට එහි සිටි තරුණියක්‌ බසයට ගොඩවූවාය. ඇය හිස්‌ව තිබූ අසුනක වාඩි වූවාය. වීදුරු කවුළුව පැත්ත ආසනයේ වාඩිවී සිටියේ වියපත් පුද්ගලයෙකි. ඔහු තමාගේ වම් අත ඉදිරි අසුනේ ඇන්දේ රඳවාගෙන සිටියේය.

බස්‌රියට නැගගත් සැණින් තරුණිය නින්දට වැටුණාය. අල්ලපු ඉඩම අඟලෙන් අඟල අල්ලා ගන්නා ඉඩම් හිමියකුසේ තරුණියගේ හිසද

ටිකෙන් ටික පාත් වී වියපත් මිනිසාගේ අත මත පතිත වී නැවතිණි. 

"අනේ පව් දෙයියනේ මගේ දුවෙක්‌ වගේ මේ දරුව අත ඉවතට ගන්න නරකයි. ඔහේ ඉඳපුවාවෙ යෑයි ඔහුට සිතෙන්නට ඇත. බසය මාර්ග අපහසුතා මත තැන තැන ටැග්ගැහි ගැහී දීර්ඝ වේලාවකට පසු නුගේගොඩ නගරයට සේන්දු විය. 

වියපත් මිනිසා බොහෝ වෙර වෑයමින් ඇගේ හිස එහෙමෙහෙ යා නොදී රැකගෙන යන විලාසය බසයේ සිටගෙන යන කිහිපදෙනාගේ දැඩි නිරීක්‍ෂණයට ද හසු විය. බසය දෙල්කඳ නැවතුම අසල බ්රේක්‌ ගැසුවා පමණි. තරුණිය සිහිනෙන් අවදි වූවාක්‌ මෙන් ඇහැරී වටපිට බලන්නට වූයේ අමතක වූ දෙයක්‌ සොයන්නාක්‌ මෙනි.

"මොකද පුතේ බහින තැන පහුවුණාද? මටත් අමතක වුණා අතරමගදි අහන්න බහින්නෙ කොහේද කියලවත් හාංකවිසියක්‌ අහන්න."

එහෙත් යුවතියගෙන් පළවූ ප්‍රතිචාරය කිසිවකුත් බලාපොරොත්තු වූවක්‌ නොවේ.

"ඔයාට මොකටද මම බහින තැන මුන්ට මාර ලෙඩනේ බස්‌වල යනකොට හැදෙන්නෙ." යෑයි අසමින් ඇස්‌වල කබ කඩන්නාක්‌ මෙන් දැස්‌ පිසදමන්නට වූවාය. සිද්ධිය පිළිබඳ පොලිස්‌ වාර්තාවක්‌ අතට ගත් නිලධාරියකු සේ අසල හිටගෙන සිටි තරුණයෙක්‌ දෙදෙනා අතරට පැන්නේය.

"මේ හලෝ නිකම් අපායට යන්ටෙපා. මේ තමන්ගෙ තාත්ත වගේ කෙනකුට ඔහොමද කතාකරන්නෙ. ඔයා පැය ගාණක්‌ නිදානෙ හිටියෙ මේ තාත්තගෙ අත උඩ. වඳිනව වෙච්ච වැරැද්දට බලනව ඒ මනුස්‌සයගෙ ඇස්‌වල කඳුළු"

අවට සිටි මගීහු තරුණයාගේ අදහස්‌වලට ගරු කරමින් උල්පන්දම් දෙමින් කතා කළහ. තරුණිය කිසිවක්‌ නොකියාම අටේ කනුව අසලින් බසයෙන් බැස අඳුරේ ගිලුණු මාවතකට හැරී නොපෙනී ගියාය.

0 comments:

Post a Comment