Pages

Subscribe:

Ads 468x60px

චිත්‍රපටය බලන්න ගිය ගුරුවරයාට නින්ද ගිහින් ෆිල්ම් හෝල් එකේ හිරවෙලා ආවේ පහුවදා

සිනමා ශාලාවක් තුළ රාත්‍රී කාලයේ සිරවූ පුද්ගලයෙකු එළියට එන්නට බැරිව විලාප දෙමින් කෑගසමින් සිටියදී 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ පිහිටෙන් පැය ගණනාවකට පසු ඉවතට එන්නට සිදුවූ පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා වෘත්තියෙන් ගුරුවරයෙකි.පසුගිය 6 වනදා තඹුත්තේගම පිහිටි ප්‍රසිද්ධ සිනමා ශාලාවක රාත්‍රී 9.30 දර්ශනය නැරඹීමට ඔහු ගොස් ඇත්තේ තනිවමයි.


ඔහුට චිත්‍රපටය පෙන්වන අතරතුර නින්දගොස් තිඛෙන අතර චිත්‍රපටය නිමවීමෙන් පසු අනෙක් නරඹන්නන් ශාලාවෙන් පිටතට ගියත් තද නින්දේ පසුවූ ඔහුව අවදි කරන්නට කිසිවෙකු සිට නැත.


ශාලාවේ කළමනාකරු හා සේවකයින්ද මෙම පුද්ගලයා ශාලාවේ තව දුරටත් සිටිනු දැක නැත. ඔවුන් සුපුරුදු ලෙස විදුලි ආලෝක නිවා දමා

ශාලාවට ඉබියතුරුද දමා එදින සේවාව නිමකර නිවෙස් බලා ගොස් තිබුණා.

මේ අතරවාරයේ රාත්‍රී 12 ට පමණ මෙම පුද්ගලයා නින්දෙන් අවදිවී වටපිට බලද්දී තමා අන්ධකාරයෙන් පිරි ශාලාවක තනිවී සිටින අයුරු දැක තිඛෙනවා. ශාලාවේ සියලූම දොරටු වෙත ගියද ඒවා සියල්ල විවෘත කළ නොහැකි ලෙස වසා දමා තිබුණ හෙයින් මොහු අසරණවී ඇත. 


අනේ මාව බේරගන්න.. මට එළියට යන්න උදව් කරන්න.. ලෙසින් ඔහු විලාප දුන්නද එය අසන්නට කිසිවෙකු ශාලාව ආසන්නයේ හෝ සිට නැත.

අනතුරුව ඔහුට මතක්වී ඇත්තේ තමාගේ ජංගම දුරකථනයෙන් පොලිසියට පණිවිඩයක් යොමු කර විසඳුමක් සොයාගත හැකි බවකි. ඔහු 119 හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය දැනුම්දුන්නේ ඒ අනුවයි.

පොලිසිය ක්‍රියාත්මකවී ඔහු බේරාගන්නට ශාලාවට ආවත් එහි සියලූ දොරටු වසා දමා කළමනාකරු ඇතුළු සේවකයින් නිවෙස් වලට ගොස් ඇති බව වැටහී ගිය අතර ඔවුන් සිටිනා තැන් ඒ රාත්‍රීයාමයේ සොයාගැනීම දුෂ්කර කාරණයක්වී ඇත. 


ඒ අනුව අසරණවූ ගුරුවරයා අස්වසාලු පොලිසිය ඔහුට පසුදා එළිවනතුරු රැඳී සිටින්නට යෝජනා කළා. ඒ අනුව සිනමා ශාලාවේ සිරවූ ගුරුවරයාට එලියට එන්නට හැකිවූයේ පසුදා උදෑසන කළමනාකරු ශාලාව වෙත පැමිණි පසුව බවද වාර්තා වුණා.

0 comments:

Post a Comment