Pages

Subscribe:

Ads 468x60px

තරුණයකු ලෙස වෙස්‌ වලාගෙන බාල වයස්‌කාරියට පෙම් කළ තරුණියට වැඩේ වැරදුන හැටි

තරුණයකු ලෙස වෙස්‌වලාගෙන ගොස්‌ 15 හැවිරිදි බාල වයස්‌කාර තරුණියක්‌ සමඟ ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ඇයව ඇගේ දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් පැහැර ගෙන ගිය (අපහරණය කළ) 25 හැවිරිදි තරුණියක්‌ කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකාරිය කටාන දමින්නගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ නියම අසංකා නිරෝෂනියි.

ඇය කුඩා කල සිට පිරිමියකු ලෙස හැසිරීමට කැමැත්තක්‌ දක්‌වා ඇති අතර ඇය එම ප්‍රදේශයේ නේවාසිකාගාරයක රැඳී සිට ඇත්තේ අසංක නමැති පිරිමි නමිනි. ඇය දිගු කාලයක සිට ඇඳ පැළඳ ඇත්තේද පිරිමි ඇඳුම්ය. නේවාසිකගාර හිමියන්ද සිතා ඇත්තේ ඇය තරුණයකු ලෙසයි.

ඇය රැකියාව වශයෙන් කර ඇත්තේ මේසන් කාර්මිකයන්ගේ අත්උදව්කරුවකු ලෙසටය. පසුව පිරිමි වෙසින් මවා නාගොල්ලාගම පලුගස්‌වැව ප්‍රදේශයට අත් උදව්කරුවකු ලෙසට රැකියාවට ගොස්‌ ඇති

අතර එහිදී ඇය එකී බාලවයස්‌කාර තරුණියක සමඟ පෙම් සබඳතාවයක්‌ පවත්වා ඇයව විවාහ කර ගන්නා බව පොරොන්දු වී එම තරුණිය ඇගේ දෙමාපියන්ට හොරා තම නේවාසිකාගාරයට කැඳවාගෙන පැමිණ ඇත.

පසුව බාල වයස්‌කාර තරුණියගේ දෙමාපියන් මහව පොලිසියට මේ පිළිබඳව පැමිණිලිකොට ඇත.

මහව පොලිසියේ දැනුම්දීම පරිදි කටාන පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත එම දෙදෙනා මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. රුහුල්හක්‌ මහතා විසින් සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයේදී තරුණයකු ලෙස හැසිරෙන 25 හැවිරිදි තරුණයා කාන්තාවක්‌ බව අනාවරණය විය. 


බාල වයස්‌කාර දැරිය ඇගේ මවට භාරදෙන ලෙසටත් මීගමුව අධිකරණය නියෝග කර තරුණයකු ලෙස හැසිරුණු 25 හැවිරිදි තරුණිය මහව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.

0 comments:

Post a Comment