Pages

Subscribe:

Ads 468x60px

රාත්‍රියේ පන්ති ගිය අසිතගේ අවසන් පාඩම (වීඩියෝ)


උඩවලව - කොළඹගේආර මහා විද්‍යාලයේ වයස අවුරුදු 17 ක සිසුවෙකුගේ මළ සිරුරුක් හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (15) උදෑසන උඩවලව - මිරිස්වැල්පොත විද්‍යාලය අසල වත්තක තිබී සිරුර හමුවනවිට එහි කැපුම් තුවාල දක්නට ලැබුණු බවයි. මෙම සිසුවාගේ ගෙළ, මුහුණ සහ තවත් ස්ථාන කිහිපයක කැපුම් තුවාල දක්නට ලැබුණු බවද පොලීසිය ප්‍රකාශ කළා.

මියගිය අසිත එරංජන  කොළඹගේආර මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුවෙක්.  පෙරේදා (14) රාත්‍රියේ උපකාරක පන්තියක් සදහා සහභාගි වීමට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳ පියා
උඩවලව පොලීසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුවයි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සිසුවාගේ මළ සිරුර හමුවී ඇත්තේ.

එහි හිරු වීඩියෝව පහතින්.

0 comments:

Post a Comment