Pages

Subscribe:

Ads 468x60px

ට්විටර් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි


ට්විටර් සමාජජාල වෙබ් අඩවියෙහි ප්‍රධාන විධායක නිලධාරීව සිටි ඩික් කොස්ටොලෝ එම තනතුරින් ඉවත් වී තිබේ. එම තනතුරට නව නිලධාරියෙකු පත් වන තුරු ට්විටර්හි සම නිර්මාතෘ ජැක් ඩොර්සි විසින් ජූලි 01 සිට අතිරේක ප්‍රධානී ධූරයෙහි වැඩ ඇරඹීමට නියමිත යි.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජජාල වඩාත් ජනප්‍රියවීමෙන් ට්විටර්හි සාමාජික වර්ධනය මන්දගාමී වීම හේතුකොටගෙන කොස්ටොලෝ වෙත

ආයෝජකයන්ගෙන් පීඩනයක් එල්ල වෙමින් පැවති බව පැවසේ.

කොස්ටොලෝ පුරා වසර 6ක් ටිවිටර්හි සේවය කර ඇති අතර ඉල්ලා අස් වීම දැණුම් දෙමින් ඔහු පවසා සිටියේ ට්විටර් කණ්ඩායම පිළිබඳව තමා සැමදා මහත් සේ ආඩම්බර වන බව යි.

මේ වන විට ට්විටර් සමාගම විසින් නව ප්‍රධානියෙකු තෝරා ගැනීම පිණිස කමිටුවක් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර ඇත.

0 comments:

Post a Comment