Pages

Subscribe:

Ads 468x60px

‘දැන් බල්ලෙක්වත් මගේ කෝල් වලට ආන්සර් කරන්නෑ බං'


පවුලේ උදවිය සමග කතරගම චාරිකාවක් යාම සඳහා හෝටලයක් වෙන්කරවා ගැනීමට සිතා හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා තමාට හිතවත් කෝටිපති ව්‍යාපාරිකයන් කීප දෙනෙකුට දුරකතන ඇමතුම් දී තිබේ.

ඔහු පලමුව අමතා ඇත්තේ Aitken Spence හෝටල් සමාගමේ සභාපති හැරී ජයවර්ධන මහතාටය. ඔහුගෙන් ඇමතුමට ප්‍රතිචාරයක් නොලැබුන විට Jetwing Hotel සමාගමේ සභාපතිවරයාට කතාකර ඇති මර්වින් එයිනුත් පලක් නොවූ කල නිමල් පෙරේරාටත්, ධම්මික පෙරේරාටත් පිලිවෙලින් කතා කොට ඇත.

වෙනදා තමන්ගේ දුරකතන ඇමතුම්වලට ක්ෂණයකින් පිලිතුරු දෙන මෙම ව්‍යාපාරිකයන් පසුව හෝ නැවතත් ඇමතීමට උත්සාහ ගෙන නැත. ඉන් බලවත් හිත් වේදනාවට ලක්වී ඇති මර්වින් ඔහුගේ සගයා වන

‘ලොක්කාට' කතා කොට තමා පත්වී ඇති තත්වය පිළිබඳව විස්තර කරමින් ‘දැන් බල්ලෙක්වත් මගේ කෝල් වලට ආන්සර් කරන්නෑ බං' 

කියූ විට සගයා අසා ඇත්තේ ‘ඇයි ඇමතිතුමා මොනවත් කෙරෙන්න ඕනෙද? ' කියාය. පසුව ඔහුට තම අවශ්‍යතාවය පවසා ඇති මර්වින්ට ලොක්කා කියා ඇත්තේ කොල්ලුපිටියේ සරණපාලට කතා කොට ඇල්ල තිබෙන ඔහුගේ හෝටලයේ කාමරයක් වෙන්කර ගන්නා ලෙසයි.

එසැණින් සරණපාල අමතා ඇති මර්වින් ‘මචං මං කතරගම යනවා. දවසකට මට උඹේ හෝටලයේ නැවතෙන්න දීපං. හැබැයි මචං උඹ මගෙන් සල්ලි ගන්න ඕනෙ. නැත්තං මං එන්නෑ' කී විට සරණපාල පවසා ඇත්තේ ‘හරි හරි ඇමතිතුමා දවසකට නේ... 


මං රෑම් දෙකක් බුක් කරලා තියන්නම්. ඇමතිතුමා යන්න ' කියාය. සරණපාලගේ ආරාධනාව මත ඔහුගේ හෝටලයට ගොස් ඇති මර්වින් සහ පවුලේ උදවිය මුදල් ගෙවීමකින් තොරව සතියක් එම හෝටලයේ නැවතී සිට ඇත. මින් පසු සරණපාලද මර්වින්ගේ දුරකතන පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වනු ඇත.

අයථා ලෙස උපයාගෙන ඇති ධනය තැරැව්කරුවන් හරහා පොලියට දෙන මර්වින්ට ළඟදී විශාල අකරතැබ්බයක් සිදුවී ඇත. එනම් ඔහුගේ ප්‍රධාන තැරැව්කරුවා වන ‘කළු රංජා' හරහා ව්‍යාපාරිකයෙකුට වසර කීපයකට ඉහතදී ලක්ෂ 400ක මුදලක් පොලියට ලබා දී තිබේ. 


කලට වෙලාවට පොලිය ගෙවූ මෙම ව්‍යාපාරිකයා මානසික රෝගයකට ගොදුරු වී පිස්සු වැටී ඇත. පොලිය හා මුදල නොලැබීමෙන් කලබල වී ඇති මර්වින් තම සහචරයන් කණ්ඩායමක් සමග කළු රංජාද කැටුව ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් කෑ කෝ ගැසීමට පටන් ගෙන තිබේ. 

එයින් කෝපයට පත්වී ඇති ව්‍යාපාරිකයාගේ පවුලේ උදවිය ‘ඇමතිතුමා තමුසෙ ඉස්සර දාපු පාට් දැන් දාන්ඩ එන්ඩ එපා. මේක යහපාලනේ. දැන් යමපාලනේ ඉවරයි. තමුසෙට දැන් බල්ලෙක්වත් බයනෑ. 

මේ මනුස්සය හොඳ වුනහම තමුසෙලගෙ ගණුදෙනු බේරගන්නව. එහෙම නැතුව ආයිත් මේ පැත්තෙ ආවොත් තමුසෙව අපි යහතින් යවන්නෑ' යනුවෙන් තර්ජනය කොට පන්නා ගෙන තිබේ.

0 comments:

Post a Comment