Pages

Subscribe:

Ads 468x60px

පියා සහ මිතුරා එක්ව දූෂණය කළ දියණිය


වනාතවිල්ලුව පොලිස් බලප්‍රදේශයට අයත් බුද්ධිසිරිගම ගම්මානයේ කුඩා දැරියක් තම පියා විසින් වරින් වර ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට දැරියගේ පියාගේ අනියම් බිරිය වනාතවිල්ලුව පොලිස් ස්ථානයට කල පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (7) වන දින වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අපයෝජනයට ලක්ව ඇති වින්දිත දැරිය වනාතවිල්ලුව ප්‍රදේශයේ උසස් පාසලක 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි  කුඩා දැරියක් වනවා.  දැරියගේ මව හා පියා අතර ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන්

මව මෙම දැරිය අතහැර දමාගොස් ඇති අතර,  අදාල දැරිය තම පියාගේ රැකවරණය ලබමින් පියා සමග නිවසේ ජීවත්ව සිටි බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

දැනට මසකට පමණ පෙරදී අදාළ දැරියගේ පියා විසින් නිවසේදීම දැරියව කිහිපවතාවක්ම ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට පියාගේ අනියම් බිරිය පොලිසියට කල පැමිණිල්ලකට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධියට අදාල සැකකාර පුද්ගලයා තම බිරිඳගෙන් වෙන් වී ඇති අතර, බහු විවාහන් රැසක්ද සිදු කරගෙන ඇති බව අනාවරණ වී තිබෙනවා. 


මොහු කිහිප වතාවක්ම මෙම දැරියව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත්, එම අවස්ථාවේදී මොහුගේ අනියම් බිරිය දැක දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දිග දුරයාම හේතුවෙන් මෙසේ සිද්ධිය පොලිසියට වාර්තා වී ඇති බවත් පොලීසිය පවසනවා.

සැකකාර පියා වනාතවිල්ලුව බුද්ධිසිරිගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු බවයි පොලීසිය පවසන්නේ.

අදාළ දැරිය මීට වසර දෙකකට පෙරාතුව දැරියගේ පියාගේ සමීපතම මිතුරෙකු වූ 65ස් හැවිරිදි වයෝවෘද්ධයෙකු විසින් දැරියව බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට පොලීසිය හමුවේ දැරිය ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. 


පසුව එම සැකකරු සොයා  වනාතවිල්ලුව පොලිසිය පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇති නමුත් එම සැකකාර පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. එම සැකකරු ඩබ්ලිව් පහ, වගාව පාර 13 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය හදුනාගෙන තිබෙනවා.

සිද්ධියට අදාළ වින්දිත දැරිය වෛද්‍ය පරික්ෂණවලට භාජනය කිරීම සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් විශ්වාස ආරංචි මාර්ග සදහන් පවසනවා. අත්අඩංගුවට ගත් සැකකාර පියා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 comments:

Post a Comment