Pages

Subscribe:

Ads 468x60px

රාජ්‍ය සේවාව හරියටම බොරුමල් හෙවත් පුහු මල්වලින් පිරී ගිය වට්‌ටක්‌කා වැලක්‌ බව....


සුද්දා වගේ තමයි. සුද්දා වගේ වැඩ. ඒක හරියටම සුද්දගේ වැඩක්‌ වගේ. අපි අදත් සුද්දාගේ වැඩ කිරීම ගැන මෙසේ කථා කරමු. නමුත් කළුසුද්දා ඇඳුමෙන්. කථාවෙන්. හැසිරීමෙන් සුද්දා වගේ වුවත් වැඩවලින් නම් අබ්බගාතයෙකු සේය. අපේ රටේද සුද්දා සේ වැඩ කළ යුගයක්‌ තිබුණේය.

ඒ සුද්දාගේ අභාෂය ලැබූ යුගයයි. සුද්දා රට හැර යාමෙන් පසු ඒ ආභාෂයෙන් පෝෂණය වී සිටි අයත් විශ්‍රාම ගිය පසු රාජ්‍ය සේවාව
දේශපාලන ගන්ධබ්භයන්ගෙන් ඉඳුල් වී යැම නිසා දැන් රාජ්‍ය සේවාව මිනිසුන්ට රක්‌ෂාවල් දෙන තැනක්‌ මිස රටට හා මහ ජනයාට සැබෑ සේවයක්‌ කරන ආයතනයක්‌ නොවේ.

මෙයට හේතු ගණනාවක්‌ පාදකවී ඇත. තමන්ටත් තම පවුලටත් ජීවත්වීම සඳහා මාස්‌පතා ලබාගන්නා වැටුප ජනතාවගෙන් සම්මාදම් කරගන්නා මුදල් බව බොහෝ රාජ්‍ය සේවකයන් දැන සිටියත් ඒ ගැන හිතන්නේ නැත. 


ජනතාවගේ මුදලින් තමන් යෑපෙන නමුත් ජනතාව තමන්ගේ ස්‌වාමිවරුන් ලෙස සලකා ඔවුන්ගේ සේවා අවශ්‍යතා නොපමාව හා නොපැකිළිව ඉටුකරදීමට බොහෝ රාජ්‍ය සේවකයන් කැපවන්නේ නැත.

සුද්දා කාලයේදී හැම රජයේ කාර්යාලයකින්ම ජනතාවට ලිපියක්‌ යවන විට ලිපියේ අවසානයට අත්සන් ලබන්නේ මෙයට ඔබගේ යටහත් සේවක යන වගන්තිය යෙදීමෙනි. 

ඒ වගන්තිය යෙදීමෙන් රජයේ සේවකයාට නිතර සිහිපත් කරදෙන්නේ තමන් ජනතාවගේ සේවකයෙකු බවයි. ඒ නිසාම ජනතාවගේ සේවා කටයුතු වඩාත් ඉක්‌මනින් කරදීමට රාජ්‍ය සේවකයා පෙලඹෙයි. 

අපට නිදහස ලැබුණායින් පසු සුද්දාගේ පාලනය ඉවර වූ පසු මෙයට ඔබ ගේ යටහත් සේවක කෑල්ල ලිපි වලින් ඉවත් වී දේශපාලකයාට යටහත් සේවක, යන කෑල්ල හිතෙන් මවාගෙන දැන් ජනතාව නොසලකා හරී.

සුද්දාගෙන් රට ගැලවීමත් සමග රටට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණු අතර රජයේ කාර්යාලවලට "නිලධාරිවාදය" ලැබිණ. රජයේ කාර්යාල මේ වනවිට රක්‌ෂා සපයන ආයතන බවට පත්වී ඇත. 


පෙරදා ආදායම් පාලක නිලධාරි කාර්යාල යනුවෙන් හැඳින්වූ ප්‍රාදේශීය කාර්යාලවල ආදායම් පාලක නිලධාරීගේ ප්‍රධානත්වයෙන් විවිධ තනතුරු දැරූ නිලධාරීන් 20 ක්‌ පමණ සිටි නමුත් මෙම කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බවට පත්වූ පසු බහුතරයක්‌ ක්‍ෂේත්‍ර නිලධාරීන්ගෙන් යුත් නිලධාරීන් 100 කට කිට්‌ටු ප්‍රමාණයක්‌ දැන් සිටිති. 

නමුත් ඔවුන් ජනතාවගෙන් මාස්‌පතා වැටුප් ලබාගන්නා අතර තමන් ගන්නා වැටුපට හරියන්නටවත් ජනතාවට සේවය නොකරන නිලධාරීන් බොහෝයි. බහුතරයක්‌ ක්‍ෂේත්‍ර නිලධාරීන් කරන්නේ ගෙදර සිට මහජනයාගෙන් වැටුප් ලබා ගැනීමය.

පසුගිය කාලය තුළ වර්තමාන රජය මගින් උපාධිධාරී උගත් තරුණ තරුණියන් ලක්‌ෂයක්‌ පමණ දෙනා රජයේ සේවයට අනුයුක්‌ත කර තිබේ. මේ ලක්‍ෂයක්‌ දෙනා නිසි පරිදි මහජන සේවයෙහි යෙදෙන්නේ නම් යකා බැඳගත් කලක" මෙන් රජයේ කාර්යාලවල මහජන වැඩ අප්‍රමාදව ඉටුවිය යුතුය. 


නමුත් මේ ලක්‌ෂයක්‌ දෙනා පැමිණීමෙන් පසුවත් පෙර පැවති රාජ්‍ය සේවයම මිස කාර්යක්‌ෂම රාජ්‍ය සේවාවක්‌ කාර්යාලවලට එකතුවී නැත. ඊට එක්‌ හේතුවක්‌ වන්නේ මේ තරුණ පිරිස නිසි ලෙස සේවයට ආයෝජනය නොකිරීමයි. 

බහුතරයක්‌ දේශපාලන ගන්ධබ්බයන්ගේ රෙකමදාරු සහිතව මේ තරුණ පිරිස්‌ රජයේ කාර්යාලවලට පැමිණි නමුත් ඔවුන් මහජන සේවයෙහි යෙදවීමට විධිමත් ක්‍රමෝපායයන් රජයේ කාර්යාලවල නොමැත.

අවශ්‍යතාවය කෙතරම් බලවත් වුවත් සාධාරණ හේතූන් මත සිය අභිමතය අනුව තනතුරේ නාමයෙන් කටයුතු කළහැකි වුවත් බොහෝ කළමනා කරණ නිලධාරීන් නීතිය හා චක්‍රලේඛය දෙස බලනවා මිස ජන අවශ්‍යතාවය දෙස බලන්නේම නැත. 


ඊට හේතුව මහජන සේවයට වඩා තමන්ගේ තනතුර රැකගෙන අවදානම් වැඩවලට අත නොතියා තමන්ගේ පරිස්‌සම ගැන සිතා කටයුතු කරන හෙයිනි. නීතිය හා චක්‍රලේඛ කරපින්නාගෙන මහජන සේවය දෙවැනි කොට සලකන නිලධාරීන් සැබැවින්ම මහජන සේවයට සුදුසු නැත.

ජන අවශ්‍යතාවය පළමුව නීතිය ඉටුකිරීම දෙවනුව, ජනාධිපති කීපවරක්‌ම රාජ්‍ය නිලධාරීන්ට මේ උපදේශය ලබාදී ඇත. නමුත් තීරණ තීන්දු ගන්නා කළමනාකරණ මට්‌ටමේ බොහෝ නිලධාරීන් කරන්නේ නීතිය හෝ චක්‍රලේඛය පළමුව මහජන අවශ්‍යතාවය ඉටුකිරීම දෙවනුව යන ප්‍රතිපත්තිය අනුව කටයුතු කිරීමය. 


රාජ්‍ය සේවාව අකාර්යක්‌ෂමවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති ප්‍රධාන හේතුව තමන්ගේ පරිස්‌සමට මුල්තැන දී ජන අවශ්‍යතාවයට දෙවැනි තැන දී චක්‍රලේඛ අකුරටම සරණ යැමය.

තමන් වෙත යොමු වන මහජන ප්‍රශ්නවලට වෙලාවට විසඳෙන්නේ දැයි සොයා බැලීමේ ක්‍රමවේදයක්‌ රාජ්‍ය සේවාව තුළ කලින් පැවති නමුත් දැන් ඒ සියල්ලම සෝදා පාළුවී ගොස්‌ තිබේ. 


එකකිනෙකාගේ වාර්ෂික වැටුප් වර්ධනය පවා ගෙවනු ලබන්නේ එකිනෙකාගේ සේවා කාර්යක්‌ෂමතාවයක්‌ සොයා බලා නිරීක්‍ෂණය කොට ආයතන ප්‍රධානියා විසින් වාර්තා කිරීමෙන් පසුවය. දැන් එම සේවා තක්‌සේරුව ඇත්තේම නැති තරම්ය. තිබුණත් ඒ ක්‍රමවේදයන් දියාරුවී ගොස්‌ තිබේ.

ප්‍රාදේශීය කාර්යාලවල කළමනාකරණ මට්‌ටමේ තීන්දු තීරණ ගන්නා තනතුරුවල දැන් සිටින බහුතරය කාන්තාවෝය. පිරිමින් සේ අවදානම් තීරණ තීන්දු ගෙන ඔවුන් සේවයේ ඉදිරියට යන්නේ නැත. 


පළමුව චක්‍රලේඛය දෙවනුව සේවය බොහෝ කළමනාකරණ මට්‌ටමේ කාන්තාවන්ගේ ස්‌ථාවර ප්‍රතිපත්තිය වී තිබේ. මේ නිසා රාජ්‍ය සේවාව තුළ කාර්යක්‍ෂමතාව බිඳ වැටී සේවය අඩපණ වී මහජන අවශ්‍යතා කුරුවල් වී යෑයි දැනට අඩපණවී හෝ මන්දගාමී වී ඇති රාජ්‍ය සේවාව කාර්යක්‌ෂම කරන්නට නම් සුදුසු අවස්‌ථාවල සාධාරණ හේතූන් මත චක්‍රලේඛ අභිභවා කටයුතු කිරීමේ ආත්ම ශක්‌තිය කළමනාකරණ මට්‌ටමේ කාන්තාවන්ට ලබාදිය යුතුය. 

නැතහොත් තීරණ තීන්දු ගැනීමට පසුබසින පැකිළෙන චක්‍රලේඛයත් ඉවත් කිරීම හෝ තීරණ තීන්දු ගත යුතු තනතුරුවලින් කාන්තාවන් ඉවත් කිරීම යන දෙකෙන් එකක්‌ සිදුවිය යුතුය. 

කාන්තාව පරිපාලන සේවා තනතුරකට පත්කළා හැබෑනම් ඒ තනතුරට හිමි වගකීම් නොපිරිහෙළා කලට වේලාවට ඉටු කිරීමේ ආත්ම ශක්‌තියද එම කාන්තාවට ලබාදිය යුතුය. නිරතුරුවම චක්‍රලේඛය සරණං ගච්ඡාමි යෑයි හිතට කවාගත් කාන්තාවන් මහජනයා වෙනුවෙන් තීරණ තීන්දු ගන්නා පුටු වලට සුදුසු නැත.

එක්‌ පැත්තකින් ළමා අපචාර හා අපයෝජන හයිඒස්‌ වේගයෙන් ඉහළ යමින් පවතී. තවත් පැත්තකින් පවුල් ජීවිත තුළද පවුල තුළද අරුළු බුළු ඇති වෙමින් පවතී, මේ සියලු පැතිවල වස්‌දොස්‌ දුරුවී පවුල ශක්‌තිමත් වී යහපත් පවුලක්‌ යහපත් දරු පරපුරක්‌ යහපත් සමාජයක්‌ ඇතිවීමට උතුම් මවු පදවියේ පූර්ණ වගකීම දරාගැනීමට කාන්තාවට ඉඩදීම වඩාත් සුදුසුය.


මේ නිසා රාජ්‍ය සේවාව කාර්යක්‍ෂම වීමත් පවුල ශක්‌තිමත් වීමත් යන පැති දෙකම යම් පමණකට ප්‍රතිපෝෂණය වෙයි.

0 comments:

Post a Comment