Pages

Subscribe:

Ads 468x60px

දොස්තර වරයෙකු ස්ත්‍රී දූෂණයකට මාට්ටු කරන්න ගිය පාතාලෙ දෙන්නා මාට්ටු වුන හැටි......!


බණ්ඩාරවෙල දිසා රෝහලේ වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුභසිංහ මහතා උපක්‍රමිකව ව්‍යාජ නඩුවකට පැටලවීමේ උත්සාහයක් වළකා ගැනීමට පොලිසියේ සහයෙන් හැකිව තිබෙනවා. 

වෙනත් පාර්ශවයකින් ලැබී ඇති කොන්ත්‍රාත්තුවක් මත මෙලෙස ව්‍යාජ නඩුවකට වෛද්‍යවරයා පටලැවීමට සැළසුම් කළ පුද්ගලයින් දෙදෙනෙක් පෙරේදා (07) ඇල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ‍ගනු ලැබූවා.

අදාල පුද්ගලයින් දෙදෙනාට මේ කටයුත්තට රුපියල් ලක්ෂ 02ක මුදලක් ලබා දීමට කොන්ත්‍රාත්තුව ලබාදී ඇති පාර්ශවය එකඟ වී තිබෙනවා. අත්තිකාරමක් වශයෙන් සැකකරුවන් දෙදෙනා රුපියල් 100000ක

මුදලක් ලබා ගෙන ඇති බවයි පොලිසිය කරනලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ.

වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා මේ පිළිබඳව අප සමග මෙසේ අදහස් පල කළා.

"මාගෙ කීර්ති නාමයට හානිකිරීමේ අරමුණින් මීට පෙරත් රෝගී දරුවෙකු ගෙ අම්මා කෙනෙකු ලවා ලිපියක් සකස් කරවාගෙන මෙවැනිම ව්‍යාජ චෝදනාවකට හසු කරන්න හැදුව. ඒත් මම ඇයට ලිංගික අතවරයක් කීරීමට හැදුව කියල. හැබැයි ඒකත් මගේ වාසනාවට ව්‍යර්ථ වුණා. එදා ඉඳල ඉදිරියෙදිත් මේ වගේ දෙයක් වෙයි කියන සැකයෙන් තමයි මම හිටියෙ"

එසේ සැලකිල්ලෙන් ජීවත් වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවර විශාල අවමානයකින් ගැලවීමට වෛද්‍යවරයාට හැකියාව ලැබී තිබේ.

"පසුගිය 07දා නොහඳුනන කාන්තාවක් ඇවිත් මට වටින් ගොඩින් යෝජනාවක් කළා හොටලයකට යන්න. මම මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් සිටි නිසා එය ප්‍රතික්ෂේප කර ඇයව පොලිසියට අල්ලා නොදී ඒ පිළිබඳව රහසේම පොලිස් නිලධාරීන් දැනුවත් කළා.


පොලිසියට ඒ සඳහා සූදානම් වන්න අවශ්‍ය කාල වේලාව ලබා දීල මම ඇයත් සමග ඇල්ල ප්‍රදේශයේ හෝටලයකට ගියා. මම ඇයට ලිංගික අතවර කළා කියල තමයි මම නඩුවකට පටලවන්න සූදානමින් ඉඳල තියෙන්නේ."

වෛද්‍යවරයා සහ කාන්තාව හෝටලයට ගිය පසු මෙම ව්‍යාජ චෝදනාව සැලසුම් කළ පුද්ගලයින් දෙදෙනා හෝටලයට පැමිණ ඇති අතර එහිදී ඔවුන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර දික්වැල්ල ප්‍රදේශ යේ පදිංචිකරුවන් වන ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු අපරාධ රැසකට මෙන්ම පාතාල කල්ලියකටද සම්බන්ධ පුද්ගලයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

"ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදි පැවසුනේ බන්ධනාගාර ගතව සිටින පුද්ගලයකු හරහා මේ කොන්ත්‍රාත්තුව ලැබුණ බවයි. ඒ කෙසේ වෙතත් මීට පෙර මට විරුද්ධව බොරු චෝදනාව ගොතන්න උත්සාහ කළේ තවත් වෛද්‍යවරයෙකු විසින්." වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පැවසුවා.

වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා ඌව පළාත මූලික කොටගෙන දරුවන් ළමා අපයෝජන වලින් වළකා ගැනීම, මත්ද්‍රව්‍ය අතුළු දුසිරිත් වලින් සමාජයට සිදුවන හානිය පෙන්වාදීම සහ සාරධර්ම ඉහළ නැන් වීමේ අරමුණින් ජනතාව සහ වෘත්තිකයින් සඳහා දේශන පවත්වමින් මෙහෙවරක යෙදෙන්නෙකි. 


පෞද්ගලිකව වෛද්‍ය වෘත්තියේ නියැලෙමින් මුදලක් උපයා ගැනීමට ඇති කාලය මෙවැනි සද් කාර්යයන් සඳහා කැපකරන හෙතෙම ප්‍රසිද්ධිය කින් තොරව බොහෝ සමාජ සේවාන්හි යෙදෙන්නෙකි.

අදාල සැකකරුවන් දෙදෙනා.



 

0 comments:

Post a Comment