Pages

Subscribe:

Ads 468x60px

UNP යන්න, හිටපු ඇමතිට උදව් කරන ටෙලි නිළිය


මේ දවස්වල ලොකු අවුලකට වැටිච්ච හිටපු ඇමති කෙනෙක් ඉන්නවා. මෙයා අද කියනවා හිටපු ලොක්කා එක්ක ඉන්නවා කියලා. හෙට කියනවා අලියා තමයි දිනන්නෙ කියලා. කලකට පෙර වෙලාව බලලා අලි පාටියේ ඉදලා බුලත් කොලේට පැන්න උන්නැහේ දැන් ආයෙමත් අලි පාටියට පනින්න කුරුමානමක් අල්ලනවා. 

මේකට මැදිහත් වෙලා ඉන්නෙ ජනප‍්‍රිය ටෙලි තාරකාවක්ලු.  මේ තාරකාවත් එක්ක තුන් පාරක්ම අලි ගෙදරට ගියත් තමන් එන්න හදන
හැම දිස්ති‍්‍රක්කෙම ලොක්කෝ මෙයි ගන්නවට විරුද්ධයිලු. 

නුවර කිරි අයියා, කෑගල්ලේ හෂීම් තුමා එහෙම මේ විරෝධයේ උඩින්ම ඉන්නවලු. කවුරු විරුද්ධ උනත් ටෙලි තාරකාව වැඩේ අතඇරලා නැතිලු. 

දිගටම ෆුල් ට‍්‍රයිලු. ඒ අස්සෙ අපේ හිටපු ඇමතිතුමා කියනවා මට දැන් මේ දේශපාලනය තිත්තයි කියලා. ඒ කතාව අහපු අලි පාටියෙ ලොක්කෙක් කිව්වා මිදි වල්ල කඩාගන් උඩ පැන්න නරියාට ඒක කඩාගන්න බැරි උනාම කියන තිත්ත කතාව මෙයාටත් මතක් වෙලාය කියලා.

0 comments:

Post a Comment