Pages

Subscribe:

Ads 468x60px

තිස්සගේ දුව දුල් ආයෙත් කරළියට (VIDEO)


පසුගිය ජනාධිපතිවරණ සමයේදී කූට ලේඛන සැකසූ බවට අදාළ නඩු විභාගයට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (03) යළි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.

තිස්ස අත්තනායකගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනවියද එම අවස්ථාවේදී අධිකරණයට පැමිණ සිටියාය. නමුත් ඇය මාධ්‍ය වෙත
අදහස් නොදැක්වීය.

ඇය පළමු වරට මාධ්‍ය ඔස්සේ දැකගත හැකි වුයේ තිස්ස අත්තනායක මහතා බන්ධනාගාර ගතව සිටි දිනවල ඔහුව බැලීම සඳහා පැමිණි අවස්ථාවේදීය. එහිදී ඇය මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් පසු ජනප්‍රියත්වයට පත් විය.

ඊයේ (03) අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව තිස්ස අත්තනායක මාධ්‍යට අදහස් පළ කළ වීඩියෝව පහතින් නරඹන්න.

0 comments:

Post a Comment