Pages

Subscribe:

Ads 468x60px

ලෝකයට හදිස්සි වුණාට බබාට හදිස්සියක් නැතිලු

රෝහල මුළුමනින්ම සූදානම්ය. රජ පවුල පමණක් නොව මුළු රටමත් සූදානම්ය . විකිපිඩියා හා ටුවිටර් වෙබ් අඩවිවලට ඉස්පාසුවක් නැත. පුවත්පත්වල නිර්මාණ කතාවලද ඉවරයක් නැත. එහෙත් මේ සියල්ලටම හේතු භූත වු රාජකීය බබා පෙරේදා සවස වනවිටත් මෙලොව එළිය දක්නා බවට සලකුණක් වත් තිබී නැත.

කැතරින් කුමරියට ප්‍රසව වේදනා ඇතිවන තෙක් බලා සිටින විලියම් කුමරු නොඉවසිල්ල මඟ හැරීමට ඉකුත් සෙනසුරාදා පෝලෝ තරග රැසකට එක්ව තිබිණ. ඔහුගේ බාල සොයුරු හැරී ද ඔහුගේ සහායට එක්ව ඇත. 


 
මේ අතර රජ මාළිගයෙන් බිලිඳු උපත ගැන වචනයකුදු ප්‍රකාශ වි නැතත් ජූලි මස මැද ඔහු උපත ලබනු ඇතැයි කලින් පැවසි තිබිණ. කෙසේ වෙතත් උපතේ දින වකවානු ගැන පසුගිය දින කීපය තිස්සේම විවිධ මත ඵලවුවත් පෙ‍රේදා වන විට එය ඊයේ සිදුවනු ඇතැයි ප්‍රකාශ වි තිබිණ.

එහෙත් පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විටත් ඒ පිළිබඳව ආරංචියක් නොවිණි . ලෝකයට හදිස්සි වුණාට බබාට හදිස්සියක් නැති බවත් නිසි කල් එළැඹි කල බබා මෙලොව එළිය දකිනු ඇති බවත් පැවසි තිබේ.

0 comments:

Post a Comment