Pages

Subscribe:

Ads 468x60px

පවිත‍්‍රාගේ ගෝලයා නිසා පාලමක් ගිලාබසී

පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය විසින් ඇයට හිතවත් ඇහැළියගොඩ මැණික් ව්‍යාපාරිකයෙකු ලවා පාලමක් යට මැණික් ඉල්ලම් ගොඩදැමීම නිසා එම පාලම ගිලා බැස තිබේ.

ඇහැළියගොඩ පලීගල රජමහා විහාරයට යන ජිනරත්න මාවතේ මෙම පාලම පිහිටා ඇත. පසුගිය ජුනි 11 දා පාලම යට මැණික් ඉල්ලම ගොඩදමා තිබේ.


මේ පිළිබඳව විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම විසින් ඇහැළිගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සිදුවීම වූ ස්ථානය නිරීක්‍ෂණය කර විහාරාධිපති හිමියන්ගෙන් ප‍්‍රකාශද සටහන් කර ගෙන ඇත.

0 comments:

Post a Comment