Pages

Subscribe:

Ads 468x60px

සෙමිනිගේ නඩුවට දමිතා උසාවි ආවේ නැත්තේ ඇයි

දමිතාට හා සෙමිනිට අධිකරණ නියෝගයක්..

රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය විසින් රංගන ශිල්පිනි දමිතා අබේරත්න මෙනෙවිගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කරනු ලැබ ඇති නඩුව සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් 29දා උත්තර ගොනු කරන ලෙස කොළඹ අතිරික දිසා විනිසුරු ඉවෝන් ප‍්‍රනාන්දු මෙනෙවිය නියෝග කර  තිබෙනවා.

2013. 01.13 දා 'රන් එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡවකදී වගඋත්තරකාර දමිතා අබේරත්න මෙනවිය තමාගේ නම භාවිත කරමින් තමා සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය අනුව සිය චරිතයට හා කීර්ති නාමයට පිරිමැසිය නොහැකි හානියක් සිදුවී ඇතැයි පෙන්වා දෙමින් සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය විසින් එම නඩුව ගොනු කර තිබෙනවා.


සෙමිනිගේ එම පැමිණිල්ල විභාග කිරීම පෙරේදා  (02) දින  අලූත්කඬේ උසාවියේදී ආරම්භ වූ අතර, එදින දමිතා අබේරත්න උසාවියට පැමිණ නොසිටියේය.

පැමිණිල්ල විසින් ලබා දෙනු ලැබූ ලිපිනයට අදාළ සිතාසි භාරදීම සඳහා ගිය අවස්ථාවේදී රූගත කිරීමක් සඳහා බැහැරව ගොස් සිටි බැවින් විත්තිකාර දමිතා අබේරත්නට සිතාසි භාරදීමට නොහැකි වූ බව පෙන්වා දෙමින් අධිකරණ නිලධාරියා වාර්තා කොට ඇතැයි දිසා අධිකරණ භාෂණ පරිවර්තකවරයා විවෘත අධිකරණයේදී පෙන්වා දුන්නේය.

සේමිණී වෙනුවෙන් ජනාධිපති නීතිඥ  කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටින අතර, දමිතාගේ නීතිඥවරයා වන්නේ ජේ්‍යෂ්ඨ නීතිඥ නෙවිල් අබේරත්න මහතාය.

සේමිණී  විසින් දමිතා තමාට කරන ලද අපහාසාත්මක ප‍්‍රකාශයන් විකාශය කරණ ලද  රන්.එෆ්. එම් ගුවන්විදුලි ආයතනයට විරුද්ධවද නඩු පැවරීම සඳහා සිය නීතිඥවරුන්ට උපදෙස් දී තිබෙනවා.

0 comments:

Post a Comment