Pages

Subscribe:

Ads 468x60px

සුපිරි තරු අමිලා නදීශානි අලුත් පොතක් පෙරලයි

අමිලා නදීශානි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. කවුරුත් දන්නවා ඈ ගැන. කොහොම උනත් සුපිරි තරු අතරින් කලා ලොවට පෑයු තාරකාවක් වන අමිලා නදීශානි ගායිකාවක ලෙස කලා ක්ෂේත්‍රයේ මේ වන විට අනන්‍යතාවක් ගොඩනඟාගෙන හමාරයි.

මේ අනන්‍ය තාවයන් කියන එවත් කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඉතින් අමිලත් ඔන්න එයාගේ ID එක වෙනස් කරගන්න හදන්නේ. අපිට ආරංචි වුණා අමිලා හා හා පුරා කියා නවකතාවක් ලියලා කියලා.


“මේ වන විට මම මගේ කුලුඳුල් නවකතාව රචනා කොට හමාරයි. මේ දිනවල එහි සෝදුපත් බලනවා. නවකතාව රචනා කිරීමට මට දිගු කාලයක් ගත වුණා. මේ දවස්වල ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරන්නට යන අතරතුර නවකතාවේ සෝදුපත් වැඩ කටයුතුවලත් නිරත වෙනවා.


එළැඹෙන සාහිත්‍ය මාසයේ මගේ නවකතාව එළිදක්වන්නට බලාපොරොත්තුවක් තිබුණත් එය ඉටුකර ගැනීමට හැකි වේ ද කියන ගැටලුව පවතිනවා. කොහොම වුණත් මගේ කුලුඳුල් නවකතාව රස විඳින්න මේ වසරේදී මගේ රසිකයන්ට අවස්ථාව සලසා දෙනවා."

ඉතින් බලමුකෝ අපිත් අමිලගේ ලිවිල්ල කොහොමද කියා පොත ආවාම.

0 comments:

Post a Comment