Pages

Subscribe:

Ads 468x60px

තරුෂි පෙරේරා මාධ්‍ය වලට හොරෙන්ම බැඳලා

පහුගිය කාලයේ තරුෂි පෙරේරා මාධ්‍ය වලට සිය අදහස් ප‍්‍රකාශ කරමින් කියලා තිබුනේ තමන්ගෙ අනාගත සහකරුවා හොයලා දෙන්න අම්මලට බාර දුන්නා කියලා.

එහෙම කියලා ටික කලක් යනකොට තරුෂි මහරගම අලූත් රුපලාවන්‍යාගාරයක් විවෘත ළා. ඒකෙදි සුවිශේෂී තරුණයෙක් තරුෂී ළගින්ම හිටියා. 

අප තරුෂිගෙ පෙම්වතාව මුළින්ම හඳුන්වලා දුන්නා. දැන් තරුෂිගෙ පෙම්වතා ස්වාමි පුරුෂයා බවට පත්වෙලා කියලා අප වෙත දැනගන්න ලැබුණා. අපි තරුෂිගෙන් ඒ ගැන ඇහුවා.

හොරෙන් විවාහ වුනේ නැහැ. මාධ්‍ය හැරෙන්න මගේ වටේ පිටේ ඉන්න අනිත් අය දන්නවා මම විවාහ වෙලා කියලා. විවාහ උත්සවයක් නම් ගන්න තව කල් තියෙනවා. නමුත් ඊට පෙර අපි දැනට මාස දෙකකට විතර පෙර අපේ විවාහය ලියාපදිංචිය සිදු කළා.


වාසනාවන්තයා කව්ද ?
එයාට වඩා මම තමයි වාසනාවන්ත. මොකද ඒතරම් මට ආදරේ කරන ස්වාමිපුරුෂයෙක් මට ලබිම නිසා . එයාගෙ නම සුමේධ. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නියුක්ත වෙනවා.හරිම හොද ගතිගුණ තියෙන නිහතමානි මනුස්සයෙක්.

මේ තරම් අදරේ කරන සුමේධව මුණගැහුණේ කොහොමද?
එයාව මට මුණ ගැහු‍ණේ මගේ නංගිගේ නැන්දම්මා මාර්ගයෙන්. මොකද අපේ ගෙදරින් මට විවාහ යෝජනා හොයන කාලයක මට ආපු විවාහ යෝජනාවක් අනුව තමයි මට ඔහුව මුණ ගැහෙන්නේ.


හැමදාම විවාහ යෝජනා ආපුවහම කල් දාන මට සුමේධ හමුවිම කල්දාන්න බැරි වුණා.මොකද ඔහු මට වඩා ඉන්මන් වුණ නිසා. මේ විවාහ යෝජනාව ගැන කතා බහා කරලා දවස් දෙක තුනකින් ඔහු මාව බලන්න පැමිණියා.

විශේෂයෙන්ම කියන්න ඕන ඔහු ඒ සියලුම කටයුතු හරිම පිළිවෙලට කළා එයාලගේ අම්මලාව එක්කගෙන ඇවිත්. ඔහු මට මුල ඉදන්ම ගොඩක් ආදරේ කලා .මම තමයි ඔහුට ආදරේ කරන්න පරක්කු වුණේ. 


මොකද මම කලා ක්ෂේත්‍රයේ සහ මගේ වෘත්තිය අනුව මා සමග ඉදිරියට ජිවත් වෙන්න පුලුවන් කෙනෙක් හොයමින් හිටපු නිසා සහ මට ඔහු ගැන තේරුම් ගන්න ටිකක් කල් ගිය නිසා. නමුත් ඔහු එදා ඉදන්ම මට ගොඩක් ආදරේ කළා.

මගේ ජිවිතේ හැමදේටම ඔහු මේ වන විට මට සහය වෙනවාග හැමදේම පිළිවෙලට කියලා දෙනවා. මගේ පෞද්ගලික ජිවිතේ ඉදි‍රියේදි බොහෝ වෙනස්විම් සිදුවෙන්න පුලුවන්. කලා ක්ෂේත්‍රයෙන් සමුගන්න නම් අදහසක් නැහැ. නමුත් තෝරා බේරාගෙන රගපැම් වල නියුක්ත වෙන්න තමයි බලාපොරොත්තුව.

තනිකඩ ජිවිතේ ඉවරවෙලා විවාහ වෙලා මේ පැමිණි නව ජිවිතේ ගැන මොකද හිතෙන්නේ?
හොදයි වරදක් නැහැ.ජිවිතේ ඉදිරියට යන්න මට ඔහු ශක්තියක්.අනාගතයේ සියලු වැඩ කටයුතු වලට ඔහු මට සහයෝගය දක්වනවා. මට ගොඩක් ආදරේ කරනවා.

මේ දිනවල කලා ‍ක්ෂේත්‍රයේ දායක වෙලා ඉන්න නිර්මාණ මොනවද?
'සත්‍ය' කියන ටෙලි නාට්‍ය සහ 'මුතුපලස' ටෙලි නාට්‍ය‍ ‍මේ දිනවල විකාශය වෙනවා.'මුතුපලස' හොද ප්‍රතිචාර ලැබෙනවා. මිට පෙර රංගනයේ යෙදුන චරිත වලට වඩා වෙනස් ආකාරයේ චරිතයක් මට මෙවර ලැබිලා තියෙනවා. 


ඊට අමතරව 'හදපානගල' කියලා ටෙලි නාට්‍යක රූගත කිරිම් මේ දිනවල සිදුවෙමින් තියෙනවා. ඊටත් අමතරව තවත් ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඔය විදිහට තමයි මේ දිනවලනම් කලා කටයුතු සිදු වෙන්නේ.

කාලයක් පුරාවට කලා ක්ෂේත්‍රයේ සිටින රංගන ශිල්පිනියක් ලෙස ඔබට මොකද හිතෙන්නේ මේ වර්තමාන කලා ක්ෂේත්‍රය අර්බුදකාරී තත්ත්වයන් ගැන?
අර්බුදකාරි තත්ත්වය බලපාන්නේ ඉතින් අර්බුදයක් පවතින අයටම තමයි. එහෙම නැතුව නිර්මාණාත්මක දේවල් පැත්තේන් බලනවිට හොද නිර්මාණ තුළ අර්බුදකාරි තත්ත්වයක් නම් නැහැ. මෙගා නාට්‍ය හෝ කෙටි නාට්‍ය වෙවා වැදගත් වන්නේ ඒ තුළින් සමාජයට ලැබෙන දෙයයි. එහෙම නැතුව එයින් ලැබෙන ආදායම නෙ‍මෙයි.

ඉතින් හොද නිර්මාණ බිහිවෙනව නම් කලා ක්ෂේත්‍රය තුළ අර්බුදකාරි තත්ත්වයන් බිහි වෙන්නෙ නැහැ. නිර්මාණ ක්‍ෂේත්‍රය තුළ දවසින් දවස අපි අපේ දක්ෂතා ප්‍රගුණ කරගන්වා වගේම කලා ක්ෂේත්‍රයේ අනාගතය ගැනත් හිතල කටයුතු කරනවා නම් හොදයි. ඒ සදහා මාධ්‍යටත් කරන්න ලොකු වගකිමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

මේ වන විට ලංකාවේ වර්ථමාන සමාජ තත්ත්වය ගැන මොකද හිතෙන්නේ?
ලංකාවේ සමාජයේ සීග්‍ර දියුණුවක් පෙන්වනවා ආර්ථීකය පැත්තෙන්. රට යන්නේ කොයි පැත්තටද ඒ සමගම අපිත් ඉදිරියට යනවනම් හොදයි. හැමෝම උත්සහ කරන්න ඕන ඉදිරියේදි තම අනාගතය ශක්තිමත් කරගන්න.මේ වන විටනම් ගොඩක් ගැහැණු ළමයි උත්සහා කරනවා තමන්ගේ අනාගතය ශක්තිමත් කරගන්න.

අනාගත බලාපොරොත්තු?
මේ වෙනකොට නම් තියෙන එකම බලාපොරොත්තුව සහ සුදානම විවාහ උත්සවය ගැනිම තමයි. ඊට අමතරව නම් අපේ ව්‍යාපාර කටයුතු හොදින් කරගෙන යාමට තමයි බලාපොරොත්තු වෙන්නේ.

0 comments:

Post a Comment