Pages

Subscribe:

Ads 468x60px

රෝසි, මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස් තරගයට

මේ මස 27 වෙනිදා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වීමට නියමිත ‘ මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස්'  (France Miss Sri Lanka) තරඟයේ, ශ්‍රී ලංකා විනිශ්චය මණ්ඩලය නියොජනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානයක මහත්මිය සහ ගයනි බැට්ස් මෙනවිය අද (22) ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගිය බව වාර්තා වනවා.

27 වෙනිදා මෙහි අවසාන වටය පැවැත්වීමට නියමිත අතර එළඹෙන 25 වෙනිදා 'ටැලන්ට් ෂෝ' වටය පැවැත්වෙනවා. මේ තරඟාවලිය හරහා ලැබෙන මුදල් මහරගම පිළිකා රෝහලටත් උතුරු නැගෙනහිර වකුගඩු රෝගීන්ට ආධාර පිණිස ලබාදීමට 'මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස්' තරඟාවලිය සංවිධානය කරන 'පැරිසියේ මීගමු සංවිධානය' තීරණය කර තිබෙනවා.

මෙම තරඟාවලිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ, පැරිසියේ මීගමු සංවිධානය සභාපති, ජයලත් ප්‍රනාන්දු  මහතා මෙසේ පැවසුවා.


'' මෙවර ‘ මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස් “ විශේෂාංග රැසක් සමගින් ඉදිරිපත් කරන්න අපි සුදානමින් ඉන්නේ. ශ්‍රී ලංකික සංස්කෘතික අනන්‍යතාවයන් රැසක් එක් කරමින්. මෙවර ඔක්තෝම්බර් 27 පැවැත්වෙන “මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස්” වෙනුවෙන් තරගකාරියන් 17 ක් ඉදිරිපත් වෙලා ඉන්නවා.


ඇතැම් අය බොහෝදෙනෙකුට බලපෑම් කරලා තිබුන මේ අවස්ථාවට සහභාගීනොවන ලෙස, ඒ වගේ බාධක මැද්දේ තමයි අපි මෙවර “මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස් “ සාර්ථක කරගන්න හදන්නේ.

මිස් ටැලන්ට්, මිස් එලිගන්, මිස් පර්සනල්ටි, මිස් ෆොටෝජෙනික්, මිස් බෙස්ට් ෆිගර්, මිස් ටොප් මොඩ්ල් වැනි තරග අංශ වලට අමතරව  මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස් තෝරාගන්නේ අවසන් වටයට තේරුණු තරගකාරියන් පස් දෙනාගෙන්. 


රන් පවුම්, ගුවන් ටිකට් පත්, පවුලේ සැමදෙනා සමගින් නිවාඩු ගත කිරීමේ අවස්ථා. නවීන පන්නයේ ජංගම පරිගණක ඇතුළු තෑගි රැසක් ජයග්‍රහකයන්ට හිමි වෙනවා. සහභාගී වුනු හැම කෙනෙකුටම තෑගි ලැබෙනවා ජය පරාජය කුමක් වුනත්.

ඊට අමතරව තරගයට ලබාදෙන ඇදුම් පැළදුම් සහ අනිකුත් සියලු දේ තරගකාරියන්ටම හිමි වෙනවා. පළමු ජයග්‍රාහකයන් තිදෙනාට රමණි සැලුන් වෙතින් රූපලාවන්ය පිලිබඳ මාස තුනක පාඨමාලාවක්ද නොමිලේ  ලබා දීමට නියමිතයි. 


මේ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ අපේ සාමාජිකයන්ගේ,  අනුග්‍රහකයන්ගේ සහ පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම අනෙකුත් සංවිධානයන්ගේ සහයෝගයෙන්.

ස්වාධින විනිශ්චය මණ්ඩලයක් ඔස්සේ තමයි ජයග්‍රාහිකාවන් තෝරා ගන්නේ, ” මිස් ෆ්‍රාන්ස් “ තේරීමේ කමිටු සාමාජිකාවන් මෙන්ම, රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ පළපුරුදු  අයගෙන් ප්‍රංශ මෙන්ම ශ්‍රී ලංකා අංශ සමන්විතයි. ප්‍රංශ නියෝජනයේ ප්‍රධානියා රෙජි පෙරේරා  ඇතුළු පස් දෙනෙක්.

හිටපු ලෝක විවාහක රූ රැජින රෝසි සේනානායක ශ්‍රී ලංකා අංශය නියෝජනය කරනවා. ඊට අමතරව  ලකී ලේනගල, කිසාගෝතමී සරත්චන්ද්‍ර, ගිහාන් එදිරිවීර, ගයනි බට්ස් ඇතුලත්. “මිස් ඉතාලි”  තරග සංවිධායකයන්ද මෙවර “මිස්  ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස්’ සඳහා විශේෂ නියෝජිතයන් ලෙස එක් වීමට නියමිතයි.''

0 comments:

Post a Comment