Pages

Subscribe:

Ads 468x60px

පොලිස් ලොක්කගේ දුව කෙලෙසූ කෝප්‍රල්

සහකාර පොලිස් අධිකාරිවරයාගේ දියණියට බරපතළ ලිංගික අපයෝජනය කළ බව කියන දෙමටගොඩ ගජබා රෙජිමේන්තුවේ කොප්‍රල්වරයා මේ මස 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ(15) නියම කළේය.

ආවරණ සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කොට සිටි සැකකාර කොප්‍රල්වරයා එදින පැවැත්වෙන හදුනා ගැනිමේ පෙරට්ටුව සදහා ඉදිරිපත් කරන ලෙස කුරුදුවත්ත පොලිසිය වෙත මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.


ඉකුත් 12 වන දින කුරුදුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක කරන ලද පොලිස් අධිකාරිවරයා තමා කොළඹ නගර ශාලාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගිවිමට දියණිය සමග කොළඹ නාගරික කොමසාරිස් කාර්යාලයට පැමිණි බවත් කාර්යාලයේ ඉදිරියෙන් තිබු පුටු සෙටියේ දියණිය හිදුවා සම්මන්ත්‍රණයට සහභාගි වු බවට පැමිණිල්ලේ සදහන් වේ.


සම්මන්ත්‍රණය අවසන් වි රාත්‍රි 7ට පමණ දියණිය නැවත නිවස වෙත කැදවා ගිය බවත් නිවස වෙත ගිය දියණිය තමාට ආමි අංකල් කෙනෙක් අතවර කළ බවට ඇගේ මවට සදහන් කළේ යැයි වැඩිදුරටත් පැමිණිල්ලේ සදහන් වේ. 


මේ සම්මන්ත්‍රණයට ලුතිනන්වරයෙකු සමග පැමිණි කොප්‍රල්වරයෙකු සැකකරු බවට හදුනාගෙන ඇති පොලිසිය ඔහුට පොලිසිය වෙත පැමිණෙන ලෙසට දුරකථන ඇමතුමක් දී පොලිසියට පැමිණි පසු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සැකකරු සිය දුරකථනය දැරියගේ මවට කථා කිරිම සදහා කිහිපවරක් ම දැරියට ලබා දී ඇති අතර සැකකරු දැරිය කාමරයක් වෙත ගෙන ගොස් මෙසේ අතවර කොට ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය.


දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ද යොමු කර ඇති බවට පැවසු පොලිසිය කැන්දේ කැටිය ,තංගල්ල පදිංචි සැකකාර (455338) එස් එච් වර්ණසිරි නැමැති කොප්‍රල්වරයා මේ මස 22 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.


අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරු මේ මස 22 දින තෙක් රක්ෂිතබන්ධනාගාරගත කරමින් සැකකරු එදිනට හදුනාගැනිමේ පෙරට්ටුව සදහා ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියම කළේ ය.

0 comments:

Post a Comment