Pages

Subscribe:

Ads 468x60px

අයවැය බදු වලින් භාණ්ඩ රැසක මිල ඉහළ ගිය හැටි

මෙවර අයවැය ප්‍රකාශය අනුව ඊයේ(22) සිට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රැසක මිල ඉහළ දමා තිබෙනවා. අයවැය ප්‍රකාශයේදී කළේ සෙස් බද්ධ හා අනෙකුත් බදු වල ඉහළයාම ගැන සඳහනක් මිස භාණ්ඩ එකින් එක නම් කර ඒවා ඉහළ යන බවට සඳහනක් නොවූ නිසා මෙම භාණ්ඩ මිල ඉහළයාම ගැන පාරිභෝගිකයින්ට එකවර තේරුනේ නැත.

නව බදු අනුව සීනි, පරිප්පු, හාල්මැස්සන්, ලූනු ඇතුළු සිය ගණනක් ආනයනික පාරිභෝගික භාණ්ඩ වර්ග රැසක මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. විපක්ෂය කියන්නේ චොගම් වියදම් පියවන්න ජනතාව පිටින් මේ බදු බර යවා ඇති බවකි.

මෙවර අයවැයෙන් වැඩි කළ ආනයනික භාණ්ඩ මත අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ සිට ක්‍රියාත්මක වූ අතර එම බදු සංශෝධන අනුව ආනයනික බදු වැඩි කර තිබෙනවා. වැඩිවන මිල ගණන්  කිහිපයක් කිලෝ ග්‍රෑමයකට රුපියල් වලින් පහත පරිදිය.

(කිලෝ ග්‍රෑමයකට  රුපියල්)
සීනි                    30
පරිප්පු                22
හාල් මැස්සන්        26
ටින් මාලු             102
උම්බලකඩ           302
අනෙකුත් කරවල    102
ෆාම් තෙල්            110
යෝගට්               625
වෙඩරු               880
මාජරින්               175
කොත්තමල්ලි     202
දොඩම්                35
මිදි                    130
මිරිස්  කුඩු            150
කහ කුඩු               510

මීට අමතරව මුං ඇට, කඩල, රට කජු, ලුණු , බටර් ,අබ, සුදුරු, මහදුරු, කහ, පාන් පිටි, චීස්, මී කිරි,එළවළු වර්ග මෙන් ම ඇපල් හා ජමනාරන් හැර පළතුරු වර්ග ගණනාවක් හා පළතුරු යුෂ සඳහාද ආනයනික චොකලට්, රසකැවිලි, සොසේජස් හා සැකසු ආහාර, විනාකිරී, සෝස්, සුප්, අයිස්ක්‍රීම්, කෝපි, ගම්මිරිස් , වැනිලා, වැනි ආහාර ද්‍රව්‍ය සඳහා ද සෙස් බදු ඉහළ දමා තිබේ.

සබන් හා සේදුම් දියර වර්ග, මුදුරු දගර ,ඉටිපන්දම්, බැටරි, සනීපාරක්ෂක තුවා, ගෝස් ආදියේ ද සෙස් බදු මෙවර අයවැයෙන් වැඩි කර තිබෙන අතර ආනයනික පෝට්ලන්ඩ් සිමෙන්ති, තීන්ත හා වාර්නිෂ්, වානේ නිෂ්පාදන, ඇළුමිනියම් බට හා පොලු, ඉබි, අගුල්  සරනේරු , ගෘහ භාණ්ඩ, රබර් නිෂ්පාදන හා නිෂ්පාදන යන්ත්‍ර සඳහා ද මෙම බදු වැඩිවිම් අදාළය.

1 comments:

Lakshan Madushanka said...

ජනපති තුමා ට ජයවේවා!

Post a Comment