Pages

Subscribe:

Ads 468x60px

ටෙලි නළු සුරාජ් මාපාට ආපු අසභ්‍ය SMS එක

ප්‍රකට ටෙලි නළු සුරාජ් මාපා ලබන සතියේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අවසන් වටයේ තරග කරුවෙකු ලෙස සහභාගී වන්නට නියමිතව සිටිනවා. ඒ අතර වාරයේ ඔහුට නාඳුනන එස්එම්එස් තර්ජන කරුවන්ට මුහුණු දෙන්නට සිදුවෙලා.

තමාට ඊර්ෂ්‍යා කරන අය තමාව වට්ටන්නට එස් එම් එස් වලින් හිරිහැර අතවර කරන බවත් තමාගේ මතුවීම ඉවසන්නට අමාරු අයකු තමාටත් ඇසුරු කරන මිතුරන්ටත් එස් එම් එස් එකක් පතුරා ඇති බවත් සුරාජ් අප වෙත දන්වා සිටියා.


මින් ඉහත සුරාජ් මාපාට අසභ්‍ය එස් එම් එස් එකක් එවූ පුද්ගලයෙකු ගැන ඔහු මිරිහාන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දුරකථන සමාගම් දත්ත ඔස්සේ ගොස් එම පණිවිඩය යැවූ කෙනා පොලිසිය අල්ලාගත් නමුත් ඔහු ඒ සඳහා උපදෙස් දුන් අය පොලිසියට හෙළි කර තිබුනේ නැත. 


එම ප්‍රශ්නය දුරදිග ගෙනයන්නට අකමැතිවීම නිසා සුරාජ් ඔහුට එරෙහිව නඩු මගට එළැඹුනේද නැත. නැවත වතාවක් සුරාජ්ට කරදර කරන්නේ පෙර වතාවේත් නීතියෙන් ගැළවුණ පුද්ගලයන්ද යන්න සුරාජ්ගේ සැකයට බඳුන්ව තිබෙනවා.

ඔහු පවසන්නේ තමා මේ අවස්ථාවේ පුහුණුවීම් වල යෙදෙන බවත් මේ වෙනුවෙන් නැවත පොලිසි ගානේ යාමට සූදානම් නැති නමුත් මේ ගැන රටට හෙළිකිරීම අවශ්‍ය බවත්ය.

0 comments:

Post a Comment