Pages

Subscribe:

Ads 468x60px

රහත් වී නම් ප‍්‍රාතිහාර්ය පානු – සිරි ධම්ම හිමිට අභියෝගයක්

තමන් රහත් වී ඇතැයි පවසන පිටිදුවේ සිරිධම්ම හිමියන් ප්‍රසිද්ධ ස්ථානයක හෝ මාධ්‍යයක් හරහා තම රහත්භාවය ඔප්පු කර පෙන්වන්නැයි සිංහල රාවය ජාතික සංවිධානය ඉල්ලා සිටී.

එහි සභාපති අක්මීමන දයාරතන හිමියන් පවසන්නේ එහිමියන් රහත් භාවයට පත්ව ඇතිනම් ප්‍රාතිහාරයක් පා ඒ බව සමාජයට ඔප්පු කර පෙන්වා සංඝභේදයක් හෝ ශාසනික සමාජයේ මතවාද නිර්මාණය වීම වැළැක්වීමට වැළැක්වීමට කටයුතු කරන ලෙසයි.


රහතන් වහන්සේනමක් කිසිදු දිනක තමා රහත් වී ඇති බව සමාජය හමුවේ පවසමින් නොයන බවත් පවසන දයාරතන හිමියන් නොමැති ගුණාංගයක් පෙන්වමින් භික්ෂූත්වය කෙලෙසා නොගෙන ඒ බව සමාජය හමුවේ ප්‍රසිද්ධියේ ඔප්පු කර පෙන්වීම වඩා යෝග්‍ය වන බව ද කියා සිටී.



මේ අතර තමන් අරහත් බව ලබා ගත් බවත් ඒ සම්බන්ධයෙන් වන විවාදයකට ඒ සඳහා ගැලපෙන සුදුසුකම් ඇති අයෙක් සමඟ සහභාගී වීමට සූදානම් බවටත් දෙහිවල බෙල්ලන්තර ශ‍්‍රී සඳහම් ආශ‍්‍රමවාසී ශ‍්‍රී සමන්තභද්‍ර (පිටිදුවේ සිරිධම්ම) හිමියන් විසින් සිදු කරනු ලැබූ අභියෝගය භාර ගැනීමට තමන් වහන්සේ සූදානම් බව රත්මලාන ධර්ම පර්යේෂනාල ප‍්‍රධානී හෑගොඩ විපස්සි හිමියන් පවසති.

අප වෙත අදහස් දක්වමින් උන් වහන්සේ පෙන්වා දුන්නේ සති අන්ත පුවත්පතක් හරහා සිරිධම්ම හිමියන් විසින් තමන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේලා සිවුනමක් සම්බන්ධයෙන් පල කර ඇති ලේඛණ ද්වේශ සහගතව සකස් කරන ලද්දක් බවත් රහතන් වහන්සේ නමක් යනු ද්වේශ නැසූ පුද්ගලයෙක් බවත්ය. සිරිධම්ම හිමියන්ගේ පාපකාරී හැසිරීම් රටාව තුල අඩුම තරමේ මාර්ගඵල ලාභියෙකුවන් විය නොහැකි යයිද උන් වහන්සේ අදහස් පල කලහ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරි සතිය තුල සාකච්චා කර සිරිධම් හිමියන් හා විවෘත සංවාදයක යෙදීමට තමන් වහන්සේ සූදානම් බවත් සඳහන් කරන උන් වහන්සේ එහිදී රහත් බව සම්බන්ධයෙන් තීරණය කල හැකි යයිද සඳහන් කරති.

0 comments:

Post a Comment