Pages

Subscribe:

Ads 468x60px

තරුණියකට කැරොකේ වසන්තගෙන් අතවරයක්?

ඇමැති සරත් අමුණුගම මහතාගේ දියණිය ලෙස පෙනී සිටි තරුණියකට සමාජ ශාලාවක් තුළදී ලිංගික අතවරයක් කළ බවට කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොටුව අධිකරණයේ පෙනී සිටි සැකකරුවකු කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා ලක්‍ෂ පහක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබූ අතර කොල්ලුපිටිය පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද නියෝග කළේය. 

වසන්ත පෙරේරා නැතහොත් කැරොකේ වසන්ත නමැති සැකකරුවකු මෙසේ ඇපමත මුදාහැරිණි. තාරකා නදී කුමාරි අමුණුගම නමැති තැනැත්තියක් මෙහි පැමිණිලිකාරිය විය.

සැකකාරිය ඉකුත් පස්වැනි දින කොල්ලුපිටිය 'ස්ටාර් ඩස්ට්' සමාජ ශාලාවට පාන්දර පහට පමණ ගොස් කැරොකේ නර්තනයේ යෙදී සිට ඇති අතර

එහිදී ඇයට වසන්ත පෙරේරා යන අය විසින් පහර දී ජංගම දුරකතනය පැහැරගත් බවත්, එයට ඔහුගේ යහළුවන්ද හවුල් වූ බවත් මෙම පැමිණිලිකාරිය පොලිසියට කියා ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිඥ අසේල රැකව මහතා විසින් අපේක්‍ෂිත ඇපයක් ඉල්ලා අධිකරණයට ඇප ඉල්ලුම්පතක් ඉදිරිපත් කර තිබිණි. මෙහිදී සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කරමින් වැඩිදුර විභාගය ලබන 26 වැනි දිනට කල්තැබීය.

0 comments:

Post a Comment