Pages

Subscribe:

Ads 468x60px

හොර සීයලා නිසා ජොලි සීයාට බඩේ පහර

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසංග වේදිකාවට අලුත් ආරයක් හඳුන්වා දුන් මේ ගායකයා ජොලි සීයා. ජොලි සීයා ලෙස ප‍්‍රකට වුනත් ඔහුගේ සැබෑ නම චන්දු ද සිල්වා. 

හැබැයි ජොලි සීයා වගේම සුදු කොණ්ඩෙත්, සුදු රැුවුලත් දාගෙන කටහඩත් වෙනස් කරගත්තු තව තවත් සීයලා පහුගිය දවස්වල රටපුරාම තැන් තැන්වලින් බිහිවුණා. ඒ විදිහේ හොර සීයලා නිසා තමන්ට බඬේ පහර වැදුණු බවයි ඇත්ත ජොලි සීයා හෙවත් චන්දු අපත් එක්ක කිව්වේ.

"මගේ රැකියව ගීත ගායන කිරිම. ඊට අමතරව මම මුකුත් කරන්නෙ නෑ. එ්කෙන් ලබෙන දෙයින් තමයි බිරිදත් දරුවොත් එක්ක කාල බීල ඉන්නේ. ළඟදි ඉඳන් ලැබෙන ප්‍රසංග අඩු නිසා හොයල බලනකොට ජොලි සීයා

නමින් තව හොර සීයල මගේ ගීත ගායා කරනවා. මේකෙන් මගේ රැකියාවට බඩේ පහර වැදුනා. අාර්ථිකය පැත්තෙන් වැටුනා."

තමන්ගේ ගීත ගායනා කරන්න විතරක් නෙමේ. තමන් වගේ කොණ්ඩය සහ රැවුල සකස් කරන්නත් තමන්ගේ කඩහට අනුකරණය කරන්නත් වෙනත් කෙනෙකුට නොහැකි බවද චන්දු ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.

"බුද්ධිමය දේපල පනත යටතේ ජොලි සීයා කියන මගේ නම මූණ රැවුල සිංහල දමිළ ඉන්ග්ලිශ් භාශා තුනෙන්ම මං රෙජිස්ටර් වෙලා තියෙන්නේ.
ඉතින් මගේ වගේ මූන පාවිච්චි කරන්නත් බෑ මගේ හඬ ගන්නත් බෑ තව මගේ ගීත ගයන කරන්න බෑ. මගේ ගීත වල 100ට 100ක් ම ගායනය මම. තනුව 100ට 90ක් මගේ, අනිත් ඒව මගේ හිතවතුන් කීප දෙනෙක් රචනා කරලා තියෙන්නේ"

මෙම කරුණු සැලකිල්ලට ගෙන හොර සීයලට එරෙහිව තමන් පොලිසියට පැමිණිල්ලක් කළ බවත් ඒ අනුව කෙරුණු විමර්ශනවලදී හොර සීයලා 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් චන්දු ද සිල්වා අප සමග ප‍්‍රකාශ කළා. 


එම හොර සීයලට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ මේ වන විට නඩු පවා විභාග වනවා. තමන් එතනින් ද නතර නොවන බවයි චන්දු කියා සිටියේ. හොර සීයලට එරෙහිව ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග වගේම රසිකයින් වෙනුවෙන් කළ තමන්ගේ අලූත් නිර්මාණ ගැනත් ඔහු අප සමග කථා කළා.

"එකක් කරල තියනවා ඩෙන්ග ඩෙන්ග කියලා සීඩී පටයක්, ඒක නිකුත් වෙන්න තියනවා. ඒ වගේම තව හොර සීයල 8 දෙනෙක්ව අත්අඩංගුවට අරගෙන හොර සීයලව අල්ලගෙන,අර්ථිකව වැටුන නිසා මම නඩුවක් දානවා මේ කට්ටියට විරුද්ධව"

0 comments:

Post a Comment