Pages

Subscribe:

Ads 468x60px

බල්ලාට සහ කුකුළාට විරුද්ධව පැමිණිල්ලක්

අසල්වැසි නිවසේ ඇති කරන බල්ලාගේ බිරිල්ල නවතා දමන ලෙස ඇමරිකානුවෙකු විසින් ‍පොලීසියට පැමිණිලි කිරීමේ අපූරු සිද්ධියක් යාපනයෙන් වාර්තාවේ.

යාපනයේ ක්‍රියාත්මක ජල යෝජනා ක්‍රමයක ව්‍යාපෘති ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන ඇමරිකානු ජාතික ජේම්ස් ‍ප්‍රෝනින් නැමැත්තෙකු පසුගිය 18 දා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. 

යාපනය නාවලර් වීදියේ පදිංචි ඇමරිකානුවා පැමිණිල්ලෙන් පවසා ඇත්තේ යාබද නිවසේ ඇති කරනු ලබන සුනඛයා දවසේ කාල වේලාවක්
නැතිව බුරන බවත් එයින් තම දෛනික වැඩකටයුතුවලට බාධා ඇති වන බවත්ය. 

නිවැසියන්ට දැනුම් දුන්නද ඔවුන් ඇහුම්කන් නොදුන් බැවින් එම බාධාව ඉවත් කර දෙන ලෙස ‍පොලීසියෙන් ඉල්ලා ඇත. එය ඔහුගේ මානව හිමිකම්වලට බාධාවක් බවත් පවසා තිබේ.

පැමිණිල්ල අනුව බල්ලා ඇති කරනු ලබන නිවසේ හිමිකරුවන් කැඳවා පැමිණිල්ල විභාග කර ඇති අතර එහිදි පැමිණිලි කරු ප්‍රකාශ කර ඇත්තේ එම නිවසේ ඇති කරනු ලබන කුකුළාද අලුයම් කාලයේ හඬලන බවත් එයද තමාට බාධාවක් බවත්ය. 

එහිදි විත්තිකාර නිවැසියන් ප්‍රකාශ කර ඇත්තේ බල්ලා හෝ කුකුළා ශබ්ද නගන්නේ තම කීමට නොවන බවත් උන්ට සිතෙන වේලාවට ශබ්ද කරන බවත්ය. එහිදී පැමිණිල්ල විභාග කළ ‍පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ බල්ලා නිවසෙන් පිටත්කර හරින ලෙසයි.

තමන් ඇති කරනු ලබන සුනඛයා මිල අධික වටිනා සුනඛයෙකු බවත් නිවසේ ආරක්ෂාවට ඇතිකරන බවත් එම නිසා නිවසට ‍පොලිස් ආරක්ෂාව දෙන්නේ නම් සුනඛයා නිවසෙන් වෙනත් තැනකට පිටත් කළ හැකි බවත් පිළිතුරු ලෙස නිවැසියන් ‍පොලීසියට පවසා ඇත. 

කෙසේ නමුත් පැමිණිලි විභාගය අවසානයේදි ‍පොලිසිය නිවැසියන් හට පවසා ඇත්තේ අසල්වාසීන්ට පීඩා කරන සුනඛයා එළඹෙන අගෝස්තු 05දා ට පෙර එම නිවසෙන් ඉවත් කරන ලෙසයි.

පොලීසිය කියනුයේ යුරෝපා රටවල තම හිතුමනාපයට සුරතලයට සතුන් ඇති කළ නොහැකි බවත් එම රටවල සතුන් ඇති කරන්නේ නම් නීති රීති රැසකට යටත්ව එය කළ යුතු බවය. එම හේතුව නිසා විදේශිකයා මෙවැනි පැමිණිල්ලක් කර ඇති බවයි. තවද බල්ලා ඇති කරන නිවස හිමිකරු ග්‍රාම නිලධාරියෙකු බවද ‍පොලීසිය කියයි.

0 comments:

Post a Comment