Pages

Subscribe:

Ads 468x60px

අනුර කුමාරගේ වාහනය හැප්පුනේ මෙහෙමයි!

මෙරට මාර්ග අනතුරු සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. පොලිසියේ ප්‍රධාන කාර්යය වාහන අනතුරු අඩු කිරීමයි. අද පොලිස්‌ නිලධාරීන්ට සිදු වී තිබෙන්නේ.

වාහන අනතුරු අඩුකිරීමට නොව වාහන දඩ වැඩි කර ගැනීමටයි. පොලිස්‌ නිලධාරීන් පාර අයිනේ හැංගිලා ඉන්න, පොලිසියක්‌ තියෙන්නේ මේ රටේ විතරයි. මොවුන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට සම්බන්ධ කළා නම් හොඳයි...."

මෝටර් රථ වාහන පනත යටතේ නියෝග පිළිබඳව, ජනවාරි 22 වැනිදා පැවැති පාර්ලිමේන්තු විවාදයේදී ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේය. මාර්තු නව වැනිදා කිරිබත්ගොඩ පැවැති ජන රැලියකදී මීට සමාන ප්‍රකාශයක්‌ අනුර කුමාර දිසානායක මහතා කළේය.

"ආණ්‌ඩුවේ තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ තමයි, ජනතාවට දඩ ගහන එක. මේ රටේ දඩ නොකාපු කවුරු හරි ඉන්නවාද...? පොලිස්‌ නිලධාරීන්

යොදවන්නේ දඩ එකතු කරන්න විතරයි. පොලිස්‌ නිලධාරීන්ට දඩ ටාගට්‌ දෙනවා. දැන් පොලිසිය දඩ කෙළියේ...."

අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවැසුවේ, කොහේ හෝ තිබෙන දෙයක්‌ අල්ලාගෙන, පොලිසියට දඩ කොළ ලියන ලෙස ආණ්‌ඩුව කියා ඇති බව ප්‍රකාශ කරමිනි. එහෙම කියපු දිසානායක මහතා කනගාටුදායක ලෙස රිය අනතුරකට මුහුණ දෙන්නේ, පසුගිය සඳුදා (28 දා) දහවල් 12.30 ට පමණය.

කොළඹ සිට බදුල්ල බලා අනුර කුමාර දිසානායක මහතා කැබ් රථයකින් ගමන් කරමින් සිටියේ. සිය පක්‌ෂයේ වැඩ කටයුතු සඳහාය. ඌව පළාත් සභා මැතිවරණයට සමගාමීව, ජවිපෙ ගෙන යන ක්‍රියාකාරකම් සඳහා සහභාගි විම ඒ මහතාගේ බදුලු ගමනේ අරමුණ වී තිබුණු බව පැවසේ. පානදුර - රත්නපුර මාර්ගය හරහා බදුල්ලට යැම මන්ත්‍රීවරයාගේ ගමනේ මාර්ග සිතියම විය.

මෙය වංගු බහුල මාර්ගයක්‌ වන අතර ඉදිරියේ කිසිවක්‌ නොපෙනෙන විශාලම වංගුවක්‌ එහි, හොලිපිටිය ප්‍රදේශයේ පිහිටා තිබේ. වංගු සහිත මාර්ගයක තිබෙන භයානක භාවය නිසාම, මාර්ගයේ එම ප්‍රදේශයේ මං තීරු සලකුණු කර ඇත්තේ, ඉස්‌සර කිරීම තහනම් වන පරිදිය. ජවිපෙ නායකයා රැගත් කැබ් රථය, පාරේ ගමන් කර තිබෙන්නේ එම මාර්ග සංඥව නොතකාය.

දේශපාලන පක්‌ෂ නායකයකු යනු වැඩ රාජකාරි බහුල චරිතයකි. අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ජවිපෙ නායකයාය. ඔහුට සිය දෛනික චර්යාව තුළ, කෑමට පවා වෙලාවක්‌ නැති වන්නට පුළුවන. එක්‌ කාර්යයක්‌ නිමවා අනෙක්‌ වැඩේට යා යුතු කාලය අතර පරතරයක්‌ නැති තරම් වන්නට පුළුවන. 


මේ නිසා පාරේ ගමන් කරන කාලය අඩුකර හැකිතාක්‌ ඉක්‌මනින් අනෙක්‌ ස්‌ථානයට යැමට ඔහුට වුවමනා වන්නට ඇත. වේගයෙන් ගොස්‌ හදිස්‌සිය පිරිමසා ගන්නට යැමේ පල විපාක ඔහු අත්විඳින්නට ඇත්තේ, මේ නිසාය.

මෙය කාර්ය බහුල, වාහන පාවිච්චි කරන්නේ බොහෝ දෙනකුට පොදු දෙයකි. එය අනතුර අතේ තබාගෙන යැමක්‌ නිසා, ඉක්‌මන් කොට වුණු අවස්‌ථා බොහෝය. හදිස්‌සිම නම් හෙමින් යන්න යෑයි කියන්නේ මේ තත්ත්වය නිසාය.

හදිස්‌සි ගමන් යන අයට පමණක්‌ නොව, පාරේ සාමාන්‍යයෙන් වාහන පදවන අයටද තිබෙන ප්‍රශ්නයක්‌ වී ඇත්තේ, කන්ටේනර්, බඩු පුරවාගත් ලොරි රථ, ටිපර් රථ ආදී බර වාහනය. 


ඒවා සමහර විට හිමින් ගමන් කරන අතර, පසු පසින් එන වාහන සඳහා ඉදිරියට යැමට වුවමනා නොදෙන ගතියක්‌ද තිබේ. එසේම මෙවැනි සමහර බර වාහන වේගයෙන්ම ගමන් කරන අතර, අත්‍යවශ්‍ය කෙනකු ඉඩ ඉල්ලු විටවත් ඒවා පසු කරන්නට ඉඩ නොදෙනාකාරය බොහෝ රියදුරෝ අත්දැකීමෙන්ම දනිති.

අනුර කුමාර දිසානායක මහතා ගමන් කළ කැබ් රථය වංගු සහිත මාර්ගයේ, මාර්ග සංඥ නොතකමින් ගමන් කර තිබේ. ඉදිරියෙන් යන ටිපර් රථයකට ඉස්‌සර කිරීම සඳහා කැබ් රථයේ රියෑදුරා කටයුතු කරන්නේ, ඉස්‌සර කිරීම තහනම් යන අර්ථය ඇති, ඉරි ද කපමිනි. 


වංගු මාර්ගයේ ඉදිරියෙන් එන කිසිවක්‌ පැහැදිලි නැති වුවද හදිස්‌සියට සියල්ල යට කර තබා කැබ් රථය, ටිපර් රථයට ඉස්‌සර කරමින් ගියේය. ඒ සමගම අනෙක්‌ පසින් ආ ටිපර් රථයක්‌, කැබ් රථයේ මුහුණට මුහුණ හමුවිය. 

එයින් ඇති කළ ඝට්‌ටනය ජවිපෙ නායකයාට බරපතල අනතුරක්‌ නොකළත්, ඔහු ගමන් කළ කැබ් රථය බරපතල ලෙස අනතුරට ලක්‌ කළේය. පොලිස්‌ ආරංචි මාර්ග පවසන පරිදි, මෙම අවස්‌ථාවේදි අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපස, රියදුරු අසුනට එහා අසුනේ ගමන් කර තිබේ. 

වාර්තා වන පරිදි අනතුර සිදුවන අවස්‌ථාවේදී ජවිපෙ නායකයා, සීට්‌ බෙල්ට්‌ හෙවත් ආරක්‌ෂක පටි පැළඳ සිටද නැත. ඔහු ගමන් කළ නවීන වර්ගයේ කැබ් රථයේ වායු බැලුන නිසි පරිදි ක්‍රියාත්මක වීම නිසා, අනතුරුදායක තත්ත්වය පහව ගියද ආරක්‌ෂක පටි පැළඳ නොසිටිම නිසා දිසානායක මහතාගේ පපු ප්‍රදේශය, කැබ් රථයේ ඩෑෂ් බෝර්ඩයේ වැදී තිබේ. 

රියදුරු අසුන පැත්ත නොව දිසානායක මහතා සිටි පැත්ත ටිපර් රථයේ වැදී වැඩිපුර පීඩනයට ලක්‌වීම නිසා තත්ත්වය තවත් උත්සන්න වී තිබේ.

දිසානායක මහතා, රියදුරු හා තවත් අයෙක්‌ කැබ් රථයේ ගමන් කරමින් සිටි අතර රියදුරාට එතරම් අනතුරුදායී තත්ත්වයක්‌ ඇති නොවී, අනෙක්‌ දෙදෙනාට ඊට වඩා අනතුරුදායි තත්ත්වයක්‌ ඇති වී තිබුණි. දිසානායක මහතාගේ පපු ප්‍රදේශයට එල්ල වූ පීඩනය නිසා, දරාගත නොහැකි තරමේ පපුවේ වේදනාවක්‌ ඔහුට ඇතිවී තිබුණි.

රත්නපුර මහ රෝහලට, තිදෙනාම ප්‍රතිකාර සඳහා වහ වහා ඇතුළත් කර තිබුණි. ටිපර් රථයේ රියෑදුරාද අනතුරට මුහුණ පා සිටි අතර, ඔහුද රෝහල්ගත කෙරුණි.

ජවිපෙ නායකයා රිය අනතුරකට ලක්‌ වී ඇති බව, කෙටි පණිවුඩ සේවා මගින් රටම දැනගන්න අතර ඒ සමගම විවිධ කට කතා තටු ගසා ප්‍රචාරය වන්නට පටන් ගත්තේය. මෙම අනතුර, ආණ්‌ඩුව විසින් හිතාමතා කරන ලද්දක්‌ බව සමහරුන් පැවසූ අතර, ෙµaස්‌බුක්‌ හා අන්තර් ජාල ප්‍රවෘත්ති වාර්තා සඳහා දක්‌වන ප්‍රතිචාරවලදීද සමහරු ඒ බව පවසා තිබුණි.

ජවිපෙ නායකයාගේ තත්ත්වය බරපතල නොවුවත්, ඔහු උසුලන තත්ත්වය බරපතල බැවින් හා ප්‍රතිකාර පහසුව පිණිස, කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට වෛද්‍ය නිලධාරීන් පියවර ගනු ලැබීය.

රත්නපුර මහ රෝහලේ ගිලන් රථයක්‌ මගින් එදිනම පස්‌වරු 4.05 ට පමණ දිසානායක මහතා හා රථයේ ගමන් කළ අනෙක්‌ පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. 


ජවිපෙ නායකයා, ජාතික රෝහලට ගෙන එන ආරංචිය ලැබුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා පක්‌ෂයේ පිරිසද මාධ්‍යවේදීන් ද මේ වන විට ජාතික රෝහලට පැමිණ සිටින ලදී.

ජාතික රෝහලට ඇතුළත් කරන විටත් අනුර කුමාර දිසානායක මහතා පපුවට අත තබාගෙන වේදනාවෙන් සිටිනු මාධ්‍ය ඔස්‌සේ දැක ගන්නට ලැබුණි. මන්ත්‍රීවරයාට බාහිර සුළු තුවාල කිහිපයක්‌ පමණක්‌ තිබුණද ශරීරාභ්‍යන්තරයේ තත්ත්වය සොයා බැලීම සඳහා වහාම පරීක්‌ෂණ සඳහා ඔහු යොමු කරන්නට ජාතික රෝහලේ වෛද්‍යවරු ක්‍රියා කළහ.

දිසානායක මහතාගේ සුවදුක්‌ බැලීම පිණිස පක්‌ෂයේ පිරිස්‌, හිතවතුන් පැමිණ සිටි අතර විපක්‌ෂ නායක, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද ජවිපෙ නායකයාගේ සුවදුක්‌ සොයා බැලීම පිණිස කොළඹ ජාතික රෝහලට පැමිණියේය.

පසුදා පොලිසිය විසින් දිසානායක මහතා ගමන් ගත් වාහනයේ රියදුරා අත්අඩංගුවට ගනු ලැබීය. නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම ඔහුට එරෙහිව තිබූ චෝදනාවය. බදාදා වන විට ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබාදී තිබූ අතර, එදිනම අනුර කුමාර දිසානායක මහතාද සුවය ලබා ජාතික රෝහලෙන් පිටව ගොස්‌ තිබුණි.

0 comments:

Post a Comment