Pages

Subscribe:

Ads 468x60px

බලන්ගොඩ වෙළෙඳ සැලක ධර්ම චක‍්‍රය සහිත පාවහන්

බලංගොඩ නගරයේ වෙළෙඳ සැලක තිබී ධර්ම චක‍්‍රය සහිත පාවන් යුගල 30ක් ඊයේ පස්වරුවේ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

බලංගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ භික්‍ෂුන් වහන්සේ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ වෙළෙඳ සැල පොලීසිය විසින් පරීක්‍ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී මෙම පාවහන් යුගල 30 සොයා ගෙන තිබෙනවා. සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම වෙළෙඳ සැලේ හිමිකරු වන බලංගොඩ ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙක් සිද්ධිය
සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම ස්ථානයේ  තිබි ධර්ම චක‍්‍රය සහිත පාවහන් යුගල 30ක් සොයාගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ. එම ප්‍රකාශය පහතින්.

මෙම පාවහන්වල ධර්මචක‍්‍රය සලකුණු කොට ඇති බවට ලැබුණු තොරතුරක් අනුව පරීක්‍ෂා කිරීමේදී එය සත්‍ය බව පෙනී ගොස් මෙම පාවහන් තොගය පොලීසිය භාරයට ගෙන තිබෙනවා. එසේම වෙළෙඳ සැලේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද දිනයේ බලංගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විශේෂයෙන්ම මෙරට අපරාධ නීතිය අනුව ආගමික හැඟීම් වලට රිදවීමක් ඇතිවන පරිදි යම් කි‍්‍රයාවක් කරනවා නම් එසේ නොමැති නම් යම් සලකුණක් මගින් ඒ දේ සිදු කරනවා නම් එය වරදක් වනවා. ඒ අනුව මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. 


මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්‍ෂණ පැවැත්වෙනවා. එසේම ලංකාවේ අනෙක් ප‍්‍රදේශවල වුවත් යම් ආගමකට නිගරු වන සලකුණු හෝ වෙනත් දෑ භාණ්ඩවල තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් අදාළ වෙළෙඳාම් කරන අය, කඩසාප්පු හිමියන් විමසිල්ලෙන් කටයුතු කළ යුතු වනවා.

0 comments:

Post a Comment