Pages

Subscribe:

Ads 468x60px

බෝ මළුවේදී අනියම් සැමියාගේ මන්න පහරින් අනියම් බිරිඳ මරුදකී (වීඩියෝ සහිතයි)

පානදුර නගරයේ පිහිටි රන්කොත් විහාරස්ථානයේ බෝමළුවේදී අනියම් සැමියා විසින් එල්ල කළ මන්නා පහරකින් අනියම් බිරිඳ ඝාතනයට ලක්වීමේ පුවතක් වාර්තා වුණා.

මීට පෙර විවාහකයන් වූ ඔවුන් දෙදෙනාම දික්කසාදය ලබා නොගෙන වසර 15 ක් පමණ පානදුර - කෙසෙල්වත්ත - ගොරකාපොල ප‍්‍රදේශයේ නිවසක ජීවත් වී ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

සිද්ධියෙන් මියගිය 45 හැවිරිදි කාන්තාවට පළමු විවාහයෙන් 21 හැවිරිදි දියණියක්ද සිටිනවා. ඝාතනය සිදුකළ 58 හැවිරිදි ඇගේ අනියම් සැමියාටද 29 හැවිරිදි දියණියක් සිටින බව පරීක්ෂණවලදී අනාවරණය වුණා.

කෙසේ වෙතත්, පවුල් ආරවුලක් හේතුවෙන් මාස 06 ක පමණ කාලයක් මොවුන් වෙන්ව ජීවත්ව ඇති අතර, කෙසෙල්වත්ත - ගොරකාපොල
ප‍්‍රදේශයේ ඉඩමේ ඔප්පුව ඔවුන් දෙදෙනාගේම හිමිකාරීත්වයට යටත්ව ලියා ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. 

එම ඉඩමේ හිමිකාරීත්වය සම්පූර්ණයෙන්ම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා රන්කොත් විහාරයට පැමිණෙන ලෙස ඝාතනය සිදුකළ පුද්ගලයා මෙම කාන්තාවට දන්වා ඇති අතර, ඒ අනුව ඇය එහි පැමිණ තිබුණේ තම දියණියද සමඟයි.

එම අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවත්, අනතුරුව අදාළ පුද්ගලයා මෙම කාන්තාවට මන්නයකින් පහර දී ඝාතනය කර ඇති බවත් වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ඔහුගේ මන්නා පහරින් මියගිය කාන්තාවගේ දියණියද තුවාල ලබා මේ වනවිට පානදුර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

0 comments:

Post a Comment