Pages

Subscribe:

Ads 468x60px

දරා ගත නොහැකි තරම් වද හිංසා මට සිදුවුණා. ඒවා එකිනෙක කියන්න මට ලැජ්ජයි -චන්ද්‍රිකා


‘මාදුළුවාවේ සෝභිත හිමි,අතුරලියේ රතන හිමි,එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු තවත් බෝහෝ දෙනා එකතු වී සාධාරණ නීතී ගරුක රටක් ඇති කිරීමට  සුදානම් වෙනවා‘ යැයි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නවනගර ශාලාවේදී   අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවාය.

කුමාරතුංග මහත්මිය මෙසේද කීවාය.

මට යළි මගේ දේශපාලන මහ ගෙදරට එන්න අවස්ථාව ලැබීම ගැන මා සතුටු වෙනවා. ජනාධිපති පුටුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වාඩි වුණාට

පසු හුඟ දෙනකුගේ සහභාගීත්වයෙන් මා පක්ෂයේ සභාපතිත්වයෙන් යැව්වේ ඔබතුමාට එය නිල වශයෙන් භාර දෙන්න අවස්ථාව දෙන්න කියා මා ඉල්ලද්දී එ අවස්ථාවවත් නොදී.

නමුත් නීති විරෝධී දේ කරමින් කැත වැඩ කරමින් සිටිය දී මා බොහෝ කාලයක් නිහඩව බලා සිටියා. මා මේ නිහඬ බව රකිමන් සිටියත් යළි දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න මා තීරණය කළා. ඒ කළේ මට සිදුකළ වද හිංසා හා කෙනෙහිළිකම් නිසා නොවෙයි. සාමාන්‍ය පුද්ගලයකුට දරා ගත නොහැකි තරම් වද හිංසා මට සිදුවුණා. ඒවා එකිනෙක කියන්න මට ලැජ්ජයි.

නමුත් මා මෙතැනට ආවේ අපේ රට වැටී තිබෙන ආගාධයෙන් රට ගොඩගැනීමට අපේ පක්ෂය වැටී තිබෙන ආගාධයෙන් පක්ෂය ගොඩනැගීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන නැවත නැවතත් කිව යුතු නැහැ. මේ පක්ෂයේ නායකයන් වුණේ තම සියළු දේ කැප කරමින් ජනතාව වෙනුවෙන් සටන් කරපු ජනතාව වෙනුවෙන් කැපවූ අය. 


මෙය ජනතාවගේ පක්ෂයක්. ජනතාවගේ නායකයන් හිටියේ. නමුත් ජනතා පුත්‍රයන්ට තැනක් තිබුණු පක්ෂයක්. තමන්ගේ අයට හැදෙන්න වැඩෙන්න ජනතාවගේ මුදල් කෝටි ගණනින් හොරකම් කරන්න ඉඩ දීපු පක්ෂයක් නොවෙයි.

නමුත් දැන් සිදුවන්නේ යුද්ධයේ නාමයෙන් රටේ සියළු සම්පත් සූරාකමින්, රටේ ජනතාවගේ සම්පත් සූරාකමින් හොරකම් කරමින් රජයේ සේවකයන්ගේ පටි වැඩි නොකර ජනතාවගේ සල්ලි හා දේපල සූරාකමින් ගෙන ගිය පාලනයක් බවට පත්වෙලා.

දුප්පත් මිනිසුන්ට කන්න නැතිව සිටිය දී නීතියේ අධිපත්‍යය සම්පූර්ණයෙන් ම කඩා දමලා මිනී මැරුම්, දූෂණය අද රජ කරලා. ඒවාට විරුද්ධව කටයුතු කරන අයට දඩුවම් කරනවා. අහක බලාගෙන ඉන්න අයට උසස් වීම් දෙනවා. නීති තීන්දු ගන්නේ ටෙලිෆෝන් එකෙන්. විනිශ්චයකාර වරයකුට කවදාවත් නියෝග නොදුන් රාජ්‍ය නායිකාවක් ලෙස මා කියනවා මේ තත්ත්වය ඉතා භයානකයි කියා.

අපි ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනාවා. ස්වාධීන කොමිසම් සභා ගෙනාපු මේ සංශෝදන අද විසිකරලා. කිසිම පාලනයක් නැතිව රාජ්‍ය පාලකයන් විවිධ අසත්‍ය ප්‍රකාශ කරමින් රජය ගෙන යනවා. කාටවත් විරුද්ධ වීමේ අයිතියක් නෑ. විරුද්ධ වුණොත් සුදු වෑන් එක ඇවිත් අතුරුදන් කරනවා. නැත්නම් පාරේ මරා දමනවා.

මා ගැන මා කතා කරන්නේ නැහැ. අපි අපේ ව්‍යාපාරය ගැන කතා කරනවා. මා දිගුකලක් මේවා ගැන බලා සිටියා. මට ගොඩක් ඉල්ලීම් ආවා. පොදු අපේක්ෂිකාව වන්න කියා. මා පැහැදිලි තීන්දුවක් ගත්තා මට බලයට පෙරේත කමක් නැහැ. අපේ පක්ෂයේ අය කිව්වා මැඩම් මේ ව්‍යවස්ථාවට සංශෝදනයක් ගෙනත් ඉන්න කියලා. 


මම ඒ ඉල්ලීම් විසි කරලා ගියේ. නැවත මට එන්න අවශ්‍ය නැහැ. නමුත් දේශපාලන වශයෙන් රට හදන්න ඉදිරිපත් වන මේ කණ්ඩායමට උදව් නොකර සිටීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ට සහයෝගය නොදී සිටීම ද්‍රෝහී කමක් කියා මා සිතනවා. අවශ්‍ය උදව්ව කරලා රට ගොඩ නගන්න මා පැත්තක සිට උදව් කරනවා. මේ අය ගැන මා වචනයක් කිව යුතුයි.

අද දේශපාලන ක්ෂේත්‍රය විනාශ වෙලා. අපි දේශපානයට ආපු කාලේ රට ගැන කැක්කුමක් ඇතිව දේශපාලනය ආපු විශාල පිරිසක් හිටියා. ඔවුන් කිව්වේ අපි රට වෙනුවෙන් මොනවා හෝ කළ යුතුයි කියා. නමුත් අද නව දේශපාලන සංස්කෘතියක් අද ඉදිරිපත් වෙලා. හොරකම් කරපල්ලා මිනී මරපල්ලා එවිට ඕනෑ තරම් කාලයක් ඉන්න පුළුවන් කියන සංස්කෘතියක්.


ඒක පාස්පෝර්ට් එකක්. නමුත් මේ විවිධ වරප්‍රසාද මැති අමැතිකම්, වාහන, අමාත්‍යාංශ, කාර්ය මණ්ඩ සියල්ල අහිමවන බව දැන දැන මේ නායකයන් මෙවැනි තීරණයක් ගැනීම ඉතා ශ්‍රේෂ්ඨ දෙයක්. මේ වගේ යුග පුරුෂයන් ඉන්නවා යැයි දැන ගැනීම අපිට ආඩම්බර විය හැකි දෙයක්.

මා සම්පූර්ණයෙන් ම කළ කිරීලා. දේශපාලන ඩයස්පෝරාවෙන් ඉවත්වෙලා හිටියේ. නමුත් මේ වගේ කොටසක් ඒ ඩයස්පෝරාවෙන් ඉවත්වෙලා සත්‍ය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වීම අපි සියළු දෙනාටම ලාංකීයයන්ට හොඳ අවස්ථාවක්. මේ ගැන ගැඹුරට හිතලා රටට ජනතාවට සේවයක් කිරීමට මේ අයට හැකියාවක් තිබෙනවා. 


අප සමග මේ ඉන්න සියලුම දෙනා මේ ක්‍රමයට විරුද්ධව අප සමග එකතු වී සිටිනවා. අපි හැමෝම එකතුවෙලා මේ ක්‍රමය පරාජය කර ශ්‍රේෂ්ඨ ලෝකයා ගරු කරන රටක් බවට ආදරණීය ශ්‍රී ලංකා දේශය පත්කැර ගැනීමට ඔබ සියළු දෙනාගේම සහයෝගය අපට ලබාදෙන්න කියා මා ඉ ල්ලා සිටිනවා.

මගේ සම්පූර්ණ සහයෝගය තිබෙනවා. අපි දන්නවා අපේ ජීවිත අනතුරේ. හිටපු ජනාධිපති හැටියට මගෙන් වරප්‍රසාද උදුරාගත්තා. ඉතිරි ටිකත් උදුරා ගන්නා බව දැනගෙන ආවේ. මගේ දරුවන් මේ ව්‍යායාමයට විරුද්ධ වුනත් මෙය රට වෙනුවෙන් ගත් තීරණයක්

මා දන්නවා මෙතනින් එළියට බැස්සාම අප සියලු දෙනාට විවිධ තර්ජන ගර්ජන එල්ල වේවි. මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරන සියලු දෙනාම කරුණාකර එළියට එන්න කියා මා ඉල්ලනවා. දැන් වෙලාව හරි.

අපේ ප්‍රධාන සටන් පාඨ වලින් එකක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. කවුරුත් අහනවා ඇයි මගේ කාලයේ මේක කළේ නැත්තේ කියා. මා වසරක් යන විට ව්‍යවස්ථාවක් ගෙනාව. ඒකේ කරුණු දෙකයි. එකක් තමයි සුළු ජාතීන්ට වරප්‍රසාද දීම හා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. නමුත් දණ ගහලා වැන්දේ නැතිව විතරයි. එදා විපක්ෂයේ සහයෝගය දුන්නේ නැහැ.

මම කේන්දර බළලා මැතිවරණ වාසි වෙන විදියට තිවුවේ නැහැ. නමුත් මා වසරක් කෙටි කරගෙන ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය නිසා මැතිවරණයක් තිවුවා. ව්‍යවස්ථා උපදේශකයන් කිවිවා තුනෙන් දෙක නැතිව අපි ව්‍යවස්ථාව ගේනවා කියා අපි මැතිවරණයට ගියේ මගේ අවුරුද්දක පාලනයක් අහිමි කරගනිමින්. අපි දිනුවා. 


ජනාතාවගෙන් මා දිගින් දිගටම ව්‍යවස්ථාව ගේන්න අපිට ඡන්දය දෙන්න කියා ඉල්ලුවා. ඒ නිසා තමයි ප්‍රභාකරන්ට මාව මරන්න ඒන කිව්වේ. එයාට සුළු ජාතීන්ට අයිතිවාසිකම් දෙන්න අවශ්‍ය වුණේ නැහැ. රට දෙකඩ කරන්නයි වුවමනා වුණේ. නමුත් අපිට එය කරන්න බැරි වුණා.

 එදා මගේ පාලනයෙන් කරන්න බැරි වූ දේ මෙවර කිරීමට මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ, රතන හිමියන්, එක්සත් ජාතික පක්ෂය, හිටපු ජනරාල් සරත් ෆොන්සේකා මහතා  ඇතුළු බොහෝ දෙනා දැන් එකතු වී සිටිනවා. මා ප්‍රජාත්නත්‍රවාදියෙක් නිසා බලෙන් ගේන්න කැමති වුණේ නැහැ. නමුත් මා විශ්වාස කරනවා දැන් එය කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා කියා.

දැනටමත් සමහර රූපවාහිනී නාළිකාවලින් පත් කරලා තියෙනාළු අපිට එක් එක් දේ කියන්න. අපි හැමදාම හිස නමාගෙන එක පවුලකට භාර දීලා බලාගෙන ඉන්නවා ද නැතිනම් යුක්තිය ඉටුවන ශක්තිමත්, සාධාරණ නීති ගරුක රටක් කරනවා ද කියා දැන් අපි තීන්දු කළ යුතුයි. 

0 comments:

Post a Comment