Pages

Subscribe:

Ads 468x60px

විපක්ෂයෙන් එන අයෙකුට මහ ඇමතිකම දෙන්න මම සූදානම් - ප්‍රසන්න රණතුංග


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධාන අමාත්‍ය ධුරය ඕනෑම මොහොතක පරිත්‍යාග කිරීමට සූදානම් යැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට හෝ විපක්ෂයේ පුද්ගලයකුට ප්‍රධාන අමාත්‍ය ධුරය ලබාදීමට සූදානමක් තිබේද යන්න

පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

“ජනතාවට සේවය කරන්න වරප්‍රසාද තනතුරු අවශ්‍ය නැහැ. ජනාධිපති තුමාගේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් ජයග්‍රහණය වෙනුවෙන් මම ඕනෑම පරිත්‍යාගයක් කරන්න සූදානම්” යැයිද ප්‍රධාන අමාත්‍යවරයා පවසයි. 


ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් නම් රට, ජාතිය වෙනුවෙන් පරිත්‍යාගයක් කළ යුතුයි. රට ජාතිය ආරක්ෂා කළේ ජනාධිපතිතුමයි. එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලුම දෙනා එක්ව කටයුතු කළ යුතුයි.“ යැයි මහ ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

0 comments:

Post a Comment