Pages

Subscribe:

Ads 468x60px

ශූද්ධෝත්තම පාප් වහන්සේගේ විශේෂ දිව්‍ය පූජාව අද


ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ විසින් මෙහෙයවනු ලබන විශේෂ දිව්‍ය පූජාවක් කොළඹ ගාලූ මුවදොර පිටියේ දී අද පැවැත්වෙනවා. මෙම විශේෂ දිව්‍ය පූජාව ආරම්භවීමට නියමිතව තිබෙන්නේ උදෑසන 08.30ටයි.

ශ‍්‍රී ලංකාවේ ඉමහත් සේවයක් කළ භාග්‍යවත් ජුසේවාස් පියතුමන් සමස්ත කතෝලික සභාවේ ශූද්ධවන්තයෙකු ලෙස ඔසවා තැබීම ද මෙහිදී සිදු කෙරෙනවා. වැඩිදුර කරුණු දැක්වීම ගරු සිසිල් ජෝයි පියතුමන්ගෙන්.

පුජාව අවස්ථාවේදී අපිට ඉතාමත්ම වටිනා අපට කවදාවත්ම ජිවිතයේ අමතක නොවන අවස්ථාවක් උදා වෙනවා. ඒ තමයි අපේ මේ ලංකාවේ

සේවය කල අති උදාර සුද්ධවන්ත භාග්‍යවත් ජුසේවාස් පියතුමා සමස්ථ කතෝලික සභාවේම ශුද්ධවන්තයෙක් හැටියට නිල වශයෙන් දිව්‍ය පුජාව තුලදී ශුද්ධවරයෙක්ට ඔසවනු ලැබෙනවා.

ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ විසින් මෙහෙයවනු ලබන මෙම විශේෂ දිව්‍ය පූජාවට සහභාගි වීම සඳහා මේ වන විටත් විශාල සංඛ්‍යාත පිරිසක් කොළඹ ගාලූ මුවදොර පිටියට පැමිණ සිටිනවා. 


මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ රටේ විවිධ ප‍්‍රදේශ වලින් කතෝලික බැතිමතුන් සහ වෙනත් ආගමිකයින් ද ගාලූ මුවදොර පිටියට තවදුරටත් පැමිණෙමින් සිටින බවයි.

බැතිමතුන්ගේ පහසුව සඳහා ඊයේ පස්වරුවේ සිට විශේෂ දුම්රිය සහ බස් රථ සේවා ද ක‍්‍රියාත්මක වනවා. කොළඹ සහ අවට ප‍්‍රදේශවල විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මකයි. විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් සහ විශේෂ රථ වාහන ගාල් කිරීමේ සැලැස්මක් ද හඳුන්වා දී ඇතැයි පොලිසිය පවසනවා.

කොළඹ ගාලූමුවදොර පිටියේ පැවැත්වෙන විශේෂ දිව්‍ය පූජාවෙන් පසු ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ අද පස්වරුවේ මරදමඩු දේවස්ථානය වෙත සංචාරය කිරීමට නියමිතයි. එහිදී ද කෙටි යැදුම් මෙහෙයක් සඳහා උන්වහන්සේ සහභාගි වනවා.

0 comments:

Post a Comment