Pages

Subscribe:

Ads 468x60px

විමල් වීරවංශගේ හාමිනේ අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ ඊයේ (22) සවස 7 ට පමණ මාලබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරීන් අධිකරණ වරෙන්තුවක්ද අතැතිව ඇය සිටි පුද්ගලික රෝහලට ඇතුළුවී තිබුණ අතර ඇය රෝහල්ගතව ඇත්තේ ඇත්තටමද නැතිනම් ව්‍යාජ රෝගී තත්වයක් මවා පෑමටද යන්න පරීක්ෂා කිරීමට ඊයේ රාත්‍රියේ අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කර අධිකරණයට කරුණු දැක්වීමට නියමිතව තිබුණා. ඇගෙන් කට උත්තරයක් තවම ලබාගෙන නැත.


විමල් වීරවංශගේ බිරිය විමල් ඉදිකිරීම් ඇමති ධූරය දරන කාලයේ අමාත්‍යවරයකුගේ පවුලේ සාමාජිකයන්ට හිමි වන රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් අයථා භාවිතයේ යොදවා ගැනීමට ඒ සඳහා ව්‍යාජ

තොරතුරු ඇතුළත් කොට තිබුණ අතර උපන් වර්ෂ දෙකක් හා නම් දෙකක් භාවිත කර අයුතු වරප්‍රසාද ලබාගන්නට උත්සාහ කර තිබුණා.

මෙම වරද සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූයේ මින් වසර ගණනාවක සිට වුවද ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට

රාජපක්ෂ පාලනය අවසන් වනතුරු පොලිසිය ප්‍රමාද කර තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ තොරතුරු පළවුවත් විමල්ගේ බිරියව අල්ලන්නට කිසිදු උත්සාහයක පොලිසිය යෙදුනේ නැත.


මේ අතරවාරයේ පසුගිය 18 වනදා නුගේගොඩ පැවති රැස්වීමේදී විමල් කියා සිටියේ අපේ හාමිනේව අද ගන්නව හෙට ගන්නව කියනව.. මොකෙක්වත් එන්නෙත් නෑ කට උත්තරයක් ඉල්ලන්නෙත් නෑ..ඉල්ලනව නම් බලන් ඉන්නව දෙන්න... යනුවෙනි.


පොලිසිය පවසා සිටියේ විමල්ගේ මෙම ප්‍රකාශය එම පරීක්ෂණ නොමග යැවීමේ අටියෙන් සිදු කරන ලද්දක් බවයි.

ඒ වනවිට විමල්ගේ බිරිය අතුරුදන්ව සිටි බවත් සති කිහිපයක සිට පොලිසිය ඇයව සොයන නමුත් ඇය සිටින කඩුවෙල නිවසින් පළාගොස් ඇති බවත් පොලිසිය පැවසුවා.


විමල් තම බිරිය නිවසින් පිටත් කර ඇත්තේ දැනදැනම විය හැකි බවටද පොලිසිය සැකකරා. විමල්ගේ බිරිය අතුරුදන්ව ඇති බවට සෙනසුරාදා පුවත්පත්වල පළවූයේ මේ අනුවය. 


එදින විමල් සිය වෙබ් අඩවිය ඔස්සේ ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ නුගේගොඩ රැලිය අවසන් වූ පසු බත්තරමුල්ලේ ඔහුගේ නිවස හා කාර්යාලය වෙත පොලිසියෙන් පැමිණ සිකුරාදා බිරිඳට රහස් පොලිසියට එන්න දැනුම්දී ඇති නමුත් අසනීප තත්වයෙන් සිටි නිසා වෛද්‍ය වාර්තාවක් නීතිඥයෙකු මාර්ගයෙන් යොමුකර ඇති බවයි.

ඉදිරි දිනයක ඇවිල්ලා කට උත්තරයක් දීම ගැන අපරාධ පරීක්ෂණ නිලධාරීන් එකගවූ බවද ඔහු පවසා තිබුණා. විමල්ගේ බිරියගේ රෝගී තත්වය උත්සන්නවී ඇති බවද විමල් සිය වෙබ් අඩවියේ දක්වා තිබුණා.


විමල් වීරවංශ පවසා තිබුණ ආකාරයට රහස් පොලිසිය ඇයව සොයා නිවසට ගොස් හැරී ගිය බවක් වාර්තා කර තිබුනේ නැති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා තිබුනේ ඇය පළාගොස් සැගවී සිටි බවයි. ශෂී වීරවංශ මාළඹේ පුද්ගලික රෝහලක සිටින බවට තොරතුරක් ලැබී ඊයේ (22) සවස 7 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේ ඒ අනුවය.

ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන හා විගමන පනතේ 45 වන වගන්තියට අනුවය. පරීක්ෂණවලට අනුව ඇය අත්අඩංගුවට ගැනීමට පසුගියදා කණ්ඩායම් 3 ක් ඇගේ නිවසට ගොස් ඇය නිවසේ නොසිටි බව පමණක් දන්වා ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ පවත්වා ඇත්තේ ඒ අනුවය.

අත්අඩංගුවට ගත් ඇය රහස් පොලිස් ආරක්ෂාව මත තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රාත්‍රියේ අධිකරණ වෛද්‍යවරයා කරුණු වාර්තා කළ පසු අද අධිකරණය මගින් තීරණයක් ලබාගන්නා බවත් වාර්තා වෙයි.

0 comments:

Post a Comment